රට ගෙඩදාන්න මාලිමාවෙන් යෝජනා මාලාවක්

273

රට මේ මොහොතේ මුහුණ දී ඇති දේශපාලන, සංස්කෘතික හා සාමාජීය අර්බුදයන්ට විසඳුම් සෙවීම සඳහා නව ප‍්‍රවේශයක් සහිත දේශපාලන යෝජනා මාලාවක් රට හමුවට ඉදිරිපත් කිරීමට ජාතික ජන බලවේගය තීරණය කර ඇතැයි එම පක්‍ෂය කියයි.

ඒ සඳහා වන ජාතික ජන බලවේගයේ නියෝජිත සමුළුව මෙම මස 20 වැනිදා පෙ.ව. 9.00ට ශ‍්‍රී ජයවර්ධනපුර මොනාක් ඉම්පීරියල් සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්වේ. ‘බිඳවැටුණු මව්බිම ගොඩනඟන විසඳුම’ ලෙස මෙය නම් කර තිබේ.

මෙම නියෝජිත සම්මේලනයේ දී රටේ අනාගත අභියෝග ජය ගැනීම සඳහා වගකීම් භාරගැනීමට සූදානම් ජාතික විධායක සභාවක් පත් කර ගැනීමට සහ රටට හඳුන්වාදීමට නියමිත බව එම පක්‍ෂය සඳහන් කරයි.

නව ප‍්‍රවේශයක් සහිත දේශපාලන යෝජනා මාලාව මනුෂ්‍යත්වය, සමාජ සාධාරණත්වය, පරිසර හිතකාමිත්වය, ආර්ථික තිරසාරත්වය, ශ‍්‍රී ලංකා ශිෂ්ටාචාරය සහ සංස්කෘතිය, මහජන සහභාගිත්වය, ප‍්‍රශස්ත සම්පත් උපයෝජනය හා ආර්ථික ප‍්‍රජාතන්ත‍්‍රවාදය එකවිට සැලකිල්ලට ගන්නා යෝජනා මාලාවක් බවත් ආණ්ඩුවේ ණය ගෙවීම, ආර්ථිකය සවිබලගන්වන මානව සම්පතක් බිහිකිරීම, නිෂ්පාදන ආයතන ව්‍යුහයන් ඇතිකිරීම, වංචා දූෂණ හා නාස්තිය පිටුදැකීම, නව සංවර්ධන ව්‍යාපෘති, සංස්කෘතිය, කලාව හා විනෝදාස්වාදය, සමාජ සංවර්ධනය, අධ්‍යාපනය, සෞඛ්‍යය, ප‍්‍රවාහනය සහ දේශපාලන ප‍්‍රතිසංස්කරණ ආදී සියලූ ක්ෂේත‍්‍ර ආවරණය කරමින් සකසා ඇතැයි එම බලවේගය ප‍්‍රකාශකයෙක් ‘දිවයින ඉරිදා සංග‍්‍රහයට’ පැවසීය.

සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment