රට ණය උගුලේ තව අඩි තුනක් ප්‍රපාතයට ගියා – දුමින්ද නාගමුව

78

අයි.එම්.එෆ්. ණය ලබාගැනීම හරහා රට තවත් අඩි තුනක් ණය උගුලේ ප්‍රපාතයට ගියේ යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා ඊයේ (24 දා) පැවසීය.

“ශ්‍රී ලංකාව බිලියන 53ක් ණය තිබුණා. ඒ කියන්නේ අඩි 53 ක ප්‍රපාතයේ හිටියේ. දැන් අයි.එම්.එෆ්. හරහා තවත් බිලියන තුනක් ණය ලැබුණා. ඒ කියන්නෙ තවත් අඩි තුනක් ප්‍රපාතයට ගියා” යැයි ද ඔහු කීවේය.

නාගමුව මහතා මෙසේද පැවසීය.

අයි.එම්.එෆ්. කොන්දේසි සියල්ලම ධනවත් පෙළැන්තියේ අවශ්‍යතාවය උදෙසා සැකසිච්ච ඒවා. ඒවා ඉෂ්ට කරන්නේ ධනවත් පෙළැන්තියේ ආර්ථික හා දේශපාලන කොන්දේසි.

සෞඛ්‍යය, අධ්‍යාපනය වැනි ක්‍ෂේත්‍ර පවා පෞද්ගලීකරණය කරන්න කියලයි අයි.එම්.එෆ් කියන්නේ. ඒක එක සැරේම කරන්න බැරි නිසා රජයේ රෝහල ඇතුළේ පෞද්ගලික වාට්ටු නිර්මාණය කරන්න යෝජනා කරනවා. මේවා ජනතාව තේරුම් ගත යුතුයි.

ශ්‍රී ලංකාවේ තිබ්බේ ආර්ථික අර්බුදයක් නෙමෙයි ‘ආර්ථික මංකොල්ලයක්’. දැන් වෙලා තියෙන්නේ එම ආර්ථික මංකොල්ලයට ‘ආර්ථික අර්බුදය’ කියන නම දාලා ඊට කිසිම සම්බන්ධයක් නැති ජනතාවට එම මංකොල්ලයේ පාඩුව ගෙවන්න කියන එකයි. මංකොල්ලයේ යෙදුණු අයගෙ නම් වහලා ඊට කිසිම සම්බන්ධයක් නැති සමාජ පන්තිවලට බදු බර පටවල තියනවා. ජනතාව මේක තේරුම් ගත යුතුයි. අයි.එම්.එෆ්. කොන්දේසි පිළිගත්ත කිසිම රටක් නිදහසේ ගලාගෙන ගියේ නෑ. පීඩනය දරාගන්න බැරිව ජනතාව එළියට බැස්සා. ජනතාවට අවදියෙන් ඉන්න කියලා අපි කියනවා.

අනුරාධ හිරිපිටියගේ

advertistmentadvertistment
advertistmentadvertistment