රට දිනවන අරගලයට මඟ –  පෙරඹර

280

මේ මොහොත වන විට ශ‍්‍රී ලංකාව දේශපාලනික, ආර්ථිකමය හා සාමාජීය වශයෙන් දැඩි අර්බුදකාරී අවස්ථාවකට මුහුණ දී ඇත. රටේ සියලූම ඇමැතිවරුන් ඉල්ලා අස් වී ඇති බවටත්, රට භාරකාර ආණ්ඩුවක් මඟින් පාලනය වීමට තිබෙන ඉඩකඩ පිළිබඳවත් සාකච්ඡුාවක් ආරම්භ වී ඇත. දේශපාලනික අස්ථාවරභාවයක් එළිපිටම

 දැකගන්නට ඇත. ඒ අතරම සියලූම දේශපාලකයන් හොරුන්, තක්කඩින් හෝ දූෂිතයන් ලෙස සමාජය තුළ විශාල මතවාදයක් ඇති වී තිබේ. රටට නායකත්වය දිය යුත්තේ කවුද කෙසේද යන්න පිළිබඳ පැටලිලි සහගත තත්ත්වයක් ඇති වී ඇත. එය සමස්ත රටේ අස්ථාවරභාවයට ඍජුවම බලපාමින් තිබෙන අතර එම අර්බුදයේ වගකීම භාර ගැනීමට කිසිදු වගකිවයුත්තෙක් නොමැති බව පෙනී යයි. වසර 74 ක් පුරාවට රට පාලනය කළ හා පාලනය කරන නායකයන් මෙම අර්බුදය තමන් විසින් නිර්මාණය කරන ලද්දක් නොවන බව පුන පුනා ජනතාවට පවසමින් සිටියි. එම ප‍්‍රකාශය තුළම අර්බුදයක් ඇති බව පිළිගෙන ඇත. නමුත්, ඊට විසඳුමක් නිර්මාණය කර ගැනීමටද තමන්ට ඇති නොහැකියාව මේ හරහා ගම්‍ය වේ. මෙය ඉතාම අභාග්‍ය සම්පන්න තත්ත්වයකි.

 ආර්ථිකමය වශයෙන් ගත් කල ශ‍්‍රී ලංකාව විදේශ රටවල් විශාල සංඛ්‍යාවකට ණය වී ඇති අතර එම ණය ගෙවා ගැනීමට තබා එදිනෙදා ජීවිතය පවත්වාගෙන යෑමට රටට අවශ්‍ය තෙල්, ගෑස් මෙන්ම ඖෂධ ගෙන්වා ගැනීමට නොහැකිව දැඩි අසීරුතාවකට පත් වී සිටියි. මීට ප‍්‍රධාන හේතුව රටේ විදේශ සංචිත හි`ගවීමත් ඒ නිසා අත්‍යවශ්‍ය දේවල් පවා ආනයනය කර ගැනීමට නොහැකි වී තිබීමත්ය. මෙම ආර්ථික අර්බුදයට ප‍්‍රධාන හේතුව නිදහසේ පටන් අද දක්වා රට පාලනය කළ හා කරන පිරිස් අනුගමනය කරන ලද වැරදි ආර්ථික ප‍්‍රතිපත්ති හා වැරදි මූල්‍ය කළමනාකරණයත් විශාල ලෙස දූෂිත දේශපාලනික ගනුදෙනුවත් නිසාය. එය අතිමහත් බහුතරයක් වූ දේශපාලනඥයන්ගේ ජීවන තත්ත්වයන් හා වත්කම් පිළිබඳ සොයා බැලීමේදී පැහැදිලි වනු ඇත. දේශපාලනිකව හා ආර්ථික වශයෙන් අස්ථාවර වූ රටක සමාජ පද්ධතිවල බිඳ වැටීම නතර කළ නොහැක්කක් මෙන්ම එවැනි තත්ත්වයකට රට පත් වීමට ජනතාවගේ නිහ`ඩ බව හා දේශපාලන ගැති මානසිකත්වයද උපකාර වූ බව අප තේරුම් ගත යුතුය. අද වන විට තම ජීවනෝපාය තම දරුවන්ගේ අනාගතය මෙන්ම හෙට දිනයේ තම ජීවිතය පවත්වාගෙන යන ආකාරය පිළිබඳව ද අවිනිශ්චිතතාවයකට සමස්ත සමාජය පත්ව සිටි.

 මේ වන විට රටේ ඇති වී තිබෙන දේශපාලනික ආර්ථිකමය හා සාමාජීය අර්බුදය අතිමහත් බහුතරයක් වූ රටේ ජනතාවට පැහැදිලිය. ඔවුන් අර්බුදය හඳුනාගෙන තිබේ. අර්බුදය දැනී ඇත. එපමණක් නොව ඔවුන් අර්බුදය විසඳා ගැනීම සඳහා අරගල කිරීමට සූදානම් වී ඇත. ඒ සඳහා අවශ්‍ය කරන ජවය ලැබී ඇත. රට විනාශ කළ හා විනාශ කරන දේශපාලනඥයන්ට එරෙහිව අරගලයක් ආරම්භ කර තිබේ. මෙය හොඳ ප‍්‍රවණතාවකි. මෙවැනි අරගලයකදී අර්බුදය හඳුනා ගැනීමත් එම අර්බුදය විසඳාගන්නා තුරු අරගල කිරීම සඳහා සූදානම් වීම ප‍්‍රශංසාවට ලක් විය යුතු අතරම එම අරගලය තුළින් අර්බුද සඳහා විසඳුම් ලබාදෙන වැඩපිළිවෙළක් හා ඊට නායකත්වයක් තිබිය යුතුමය.

 එනම්, පවතින තත්ත්වයන් විශ්ලේෂණය කොට එම පවතින අර්බුදකාරී තත්ත්වයන්ට හේතු වූ කාරණා ඉවත් කිරීමත්, ඉදිරියේදී මුහුණ දීමට ඇති අභියෝග හඳුනා ගනිමින්, අර්බුදයෙන් ගොඩඒම සඳහා වන ඉලක්කයක් සහිත විසඳුම් මාලාවක් තුළින් එම විසඳුම් කරා යෑම සඳහා වූ උපක‍්‍රමශීලී වැඩපිළිවෙළක් අත්‍යවශ්‍යය. එමෙන්ම අර්බුදයට විසඳුම් සොයන සියලූම පාර්ශ්ව විනයකට අනුගතව අරගලය ජයග‍්‍රහණයෙන් කෙලවර කරන තෙක් රැුගෙන යෑමට සාර්ථක නායකත්වයක් අත්‍යවශ්‍යය. ඒ හරහා රට ජයග‍්‍රහණය කරවිය හැක. එසේ නොකළහොත් හුදු අර්බුදය පමණක් හඳුනාගෙන විසඳුම් ඉලක්කයකින් හෝ ඒ සඳහා වන වැඩපිළිවෙළක් සඳහා කැපවුණු විනයකින් හා නායකත්වයකින් තොර අරගලයකින් අර්බුදයට ලක් වූ ජනතාවට හා රටට ජයග‍්‍රහණ ලැබීම වෙනුවට අර්බුදය ආරම්භ කළ පාලකයන්ට අරගලය විනාශ කිරීමට මඟ පැදෙනු ඇත. එවිට ජනතා බලාපොරොත්තු වෙනුවට අවස්ථාවාදීන්ගේ බලාපොරොත්තු ඉෂ්ඨ වනු ඇත.

 අර්බුදය නිර්මාණය කළවුන් පන්නා දැමීමෙන් පමණක් රටට ජයග‍්‍රහණ අත්පත් කර ගත නොහැක. තිරසාර ජයග‍්‍රහණයක් ලබා ගැනීම සඳහා අර්බුදය නිර්මාණය කළවුන් පන්නා දැමීමෙන් පසු ගන්නා ක‍්‍රියාමාර්ග සැලසුම් සහගත වැඩපිළිවෙළක් අත්‍යවශ්‍ය වනු ඇත. එසේ නොවුණහොත් එකට එක්ව සටන් කළ පිරිස් නැවතත් බෙදා වෙන් වී එකිනෙකා අතර වන අර්බුද රටේ පැවැත්මට හානිකර වේ. එබැවින් නිවැරදි දිශානතියෙන් යුත් නායකත්වයක් සහිත වැඩපිළිවෙළක් අරගලයකින් ජයග‍්‍රහණය කළ යුතුව ඇත.

 අප සංගමයක් ලෙස 1926 සිට අද දක්වා ශක්තිමත් ගමනක් යෑමට හැකියාව ලැබී ඇත්තේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාර්ෂික නිලවරණ ක‍්‍රියාවලියත්, රටේ සියලූම ශාඛා පද්ධතිය නියෝජනය වන මධ්‍යම කාරක සභාව ගන්නා තීන්දු තීරණ ක‍්‍රියාත්මක වීමත්, සංගමයේ ව්‍යවස්ථාව මඟින් ආරක්ෂා කර ඇති විනය පද්ධතියක් තුළින් කටයුතු කරමින් ඕනෑම අර්බුදයකදී එම අර්බුදය, ඊට විසඳුම හා විසඳුම් ලබා ගන්නා උපක‍්‍රම මෙන්ම විසඳුම් සඳහා අවශ්‍ය කරන අරගලය විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව තීරණය කිරීමත්, එකමුතුව විනය පවත්වා ගනිමින් සාකච්ඡුාවෙන්

 ගන්නා ලද තීරණ වලට චකිතයකින් තොරව පෙනී සිටීමත් නිසාය. එබැවින් රට සම්බන්ධ අරගලයේදී ද අර්බුදය හඳුනා ගැනීම, විසඳුම් හඳුනා ගැනීම, හඳුනාගත් විසඳුම් කරා යෑම සඳහා උපක‍්‍රමශීලි වැඩපිළිවෙළක් සකස් කිරීම, එම වැඩපිළිවෙළ සඳහා නිවැරදි නායකත්වයකින් හා විනයකින් යුතුව අරගල කිරීම තිරසාර ජයග‍්‍රහණයක මඟ සකස් කරන ලදී.

 විනයෙන් හා එකමුතුකමින් යුත් සැලසුම් සහගත වැඩපිළිවෙළකින් රට දිනවමු.

රට දිනවන අරගලයට මඟ -  පෙරඹර
රට දිනවන අරගලයට මඟ -  පෙරඹර
රට දිනවන අරගලයට මඟ -  පෙරඹර


වෛද්‍ය නවීන් ද සොයිසා
 රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ
 සංගමය

advertistmentadvertistment
advertistmentadvertistment