රට නොවසා ඔමික්‍රෝන් මෙල්ල කරන්න දේශීය වෛද්‍ය ක්‍රමයට යන්න…

744

ජනතාවාදී සෞඛ්‍ය පද්ධතියකට ආයුර්වේද සේවා ඒකාබද්ධ කළ යුතුය

කොවිඞ් වෛරසයේ නොයෙක් ප‍්‍රභේද වරින්වර මතුවී මේ රටට ද ඇතුළු වී පැතිරී අපේ මිනිසුන්ගේ සෞඛ්‍යයට හානි සිදු කළ නමුත් ඒ සෑම අවස්ථාවකම සෞඛ්‍ය අංශයේ දායකත්වය සහ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලවල අසීමිත කැපවීම ඒවායේ බලපෑම අවම කිරීමේ ලා ඉමහත් පිටිවහලක් විය. එහෙත් ඒ සමඟම අවසන් රැල්ලේ දී ආයුර්වේද රෝහල්, ප‍්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සහ දේශීය වෛද්‍යවරුන්ගේ දායකත්වය ඉතා ඉහළ මට්ටමක පැවතුන බව ඉතා පැහැදිලිව පෙන්වා දිය හැකිය. ඒ අනුව ඉදිරියට නව ප‍්‍රභේදය ව්‍යාප්ත වීමෙන් උද්ගත වන යම් හදිසි අවස්ථාවකදී දේශීය වෛද්‍ය අංශයේ සහයෝගය ලබා ගැනීමට සෞඛ්‍ය බලධාරීන් සූදානම් නොමැති නම් එයින් පෙනෙනුයේ ඔවුන්ගේ වෘත්තීය කුහකත්වය විනා අන් කිසිවක් නොවේ. වසංගතය මුල සිටම අධිපති ස්වරූපයෙන් ක‍්‍රියා කළ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආයුර්වේද වෛද්‍යවරුන් මෙම මෙහෙයුමට සහභාගි කරවා ගැනීමට එරෙහිව විවිධ පියවර ගත් බව නොරහසකි. මෑතකදී දේශීය වෛද්‍ය සායනයක් නැවැත්වීමට උසාවි නියෝගයක් ගැනීමේ සිද්ධියේ පෙරගමන්කරුවන් වූයේ මේ සංගමයේ නිලධාරීන් ය. ඔවුන් ගේ සභාපති දේශීය උරුමයන් අගය කරන දෙපිටකාට්ටු පිළිවෙතේ සිටියදී නිලධාරීන් දේශීය වෛද්‍ය වරයාට එරෙහිව යටිකූට්ටු වැඩ කරනුයේ වෘත්තීය ඉරිසියාව නිසාය.

ආයුර්වේද පනතේ විධිවිධාන අනුව ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමය ඔස්සේ මේ රටේ මහජන සෞඛ්‍යය සම්බන්ධයෙන් මැදිහත් වීමේ නෛතික බලයක් ආයුර්වේද දෙපාර්තමේන්තුවට තිබෙන අතර ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරුන් හට සිය රෝගීන් හට ප‍්‍රතිකාර ලබා දීමේ අවසරය තිබේ. මේ රටේ රෝගීන් හට තමන් කැමැති වෛද්‍ය ක‍්‍රමයකින් ප‍්‍රතිකාර ලබාගැනීමේ අයිතිය ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ද මානව හිමිකම් කොමිෂන් සභාව වෙත දන්වා තිබේ. එසේ තිබියදී නිරෝධායන නීතියට මුවාවී දේශීය වෛද්‍ය සායන වලට එරෙහිව උසාවි නියෝගයක් ගන්නට තරම් වෘත්තීය සදාචාරය පිරිහී තිබෙනුයේ මේ වසංගතයේදී වැඩි වාසිය සහ ජනතා ප‍්‍රසාදය දේශීය වෛද්‍ය ක‍්‍රමය කෙරෙහි නැඹුරු වෙමින් තිබෙන නිසා බව නොබියව කියමි. කුමන ප‍්‍රභේදයක් පැමිණිය ද ඒවාට මුහුණ දිය හැකි ආකාරයේ ප‍්‍රතිකාර පද්ධතියක් සහිත ආයුර්වේද වෛද්‍ය සේවාව සෞඛ්‍ය පද්ධතිය තුළ ඒකාබද්ධ ක‍්‍රියාන්විතයක කොටසක් බවට නිල වශයෙන් පිළිගැනීමට තරම් අවංකභාවයක් මෙම බලධාරීන් හට තිබිය යුතුය. ප‍්‍රභේද අලූතින් සොයාගන්නා විට ඒවාට බියවී වටේ දුවන්නට ආයුර්වේද වෛද්‍යවරුන් සූදානම් නැත. ජනතාව බිය කොට ඔවුන් එන්නතට පොළොඹවා
ගැනීමට අවශ්‍යතාව ඇත්තේ වෙනත් කණ්ඩායමකට බව අපි දනිමු.

2021 මැයි 31 වැනි දින ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නිවේදනය අනුව කොවිඞ් වෛරස ප‍්‍රභේද වලට නම් තැබීමේදී ඒවා සාමාන්‍ය මහජනයාට පහසුවෙන් උච්චාරණය කළ හැකි සරල නම් යොදා ගැනීමේ ක‍්‍රමවේදයක් අනුගමනය කරන බව සඳහන් වේ. ඒ අනුව ග‍්‍රීක හෝඩියේ අකුරු යොදාගැනීම සිදු කරයි. එබැවින් කොවිඞ් වෛරසය අයත් ප‍්‍රභේද ඒවා මුලින් සොයා ගත් රට අනුව නම් කිරීමේ ක‍්‍රමය අනුමත නොකෙරේ. කොවිඞ් වෛරස ප‍්‍රභේද නම් කිරීමේදී ඒවා ප‍්‍රධාන කොටස් කිහිපයකට වර්ග කොට දක්වයි. භ්එමරු සඟරාව පෙන්වා දී ඇති පරිදි ජුනි මාසය වන විට ග‍්‍රීක හෝඩියේ අකුරු 24 න් 10 ක් භාවිත කොට අවසන්ය. දැන් 11 වැනි අකුර ලෙස ඔමික්‍රෝන් ද පැමිණ තිබේ. යම් හෙයකින් ග‍්‍රීක හෝඩියේ අකුරු අවසන් වුවහොත් ග‍්‍රීක දෙවිවරුන් ගේ නම් යෙදීමේ හැකියාව සලකා බලමින් සිටින බව ද වාර්තා වේ. ඔමික්‍රෝන් සොයා ගත් විගසම ලෝක සෞඛ්‍ය සංවිධානය ප‍්‍රකාශ කළේ එය ඉතා වේගයෙන් ව්‍යාප්ත වන එහෙත් ප‍්‍රචණ්ඩ නොවන ප‍්‍රභේදයක් බවය. මේ වන විට රටවල් 38 ක සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ ප‍්‍රාන්ත 15 කට අධික සංඛ්‍යාවක ව්‍යාප්තව ඇති ඔමික්‍රෝන් නිසා ඇති වූ මරණ තවමත් වාර්තා වී නැත. එය නැවත ආසාදන ඇති කළ හැකි යැයි අනුමාන කළ ද ඒ සම්බන්ධයෙන් ප‍්‍රමාණවත් සාක්ෂි නොමැත. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප‍්‍රධාන විද්‍යාඥයා කියා සිටින්නේ ඔමික්‍රෝන් සම්බන්ධයෙන් විශාල ලෙස කලබලයට පත් නොවිය යුතු බවය.

ප‍්‍රතිග‍්‍රාහක බන්ධනයේ වෙනස්කම් සමඟ සම්බන්ධ වී ඇති විශේෂිත ජාන සලකුණු සහිත, ආසාදනයට හෝ එන්නතට එරෙහිව ජනනය කරන ලද ප‍්‍රතිදේහ උදාසීන කිරීම අඩු කිරීම, ප‍්‍රතිකාරවල කාර්යක්ෂමතාව අඩුවීම, රෝග විනිශ්චය බලපෑමක් ඇති කිරීමේ හැකියාවක් තිබෙන, හෝ සම්පේ‍්‍රෂණය වීමේ හෝ රෝග තීව‍්‍රතාවයේ වැඩි වීමක් පුරෝකථනය කළ හැකි ප‍්‍රභේද Variant of Interest (VOI) නමින් හැඳින්වේ. සම්පේ‍්‍රෂණය වීමේ වැඩි වීමක්, වඩාත් දරුණු රෝග ලක්ෂණ, (උදා: රෝහල් ගතවීම් හෝ මරණ වැඩි වීම), ආසාදනයෙන් හෝ එන්නත් කිරීමේදී ජනනය කරන ලද ප‍්‍රතිදේහ උදාසීන කිරීම හෝ ඒවා සැලකිය යුතු ලෙස අඩු කිරීම, ප‍්‍රතිකාර හෝ එන්නත්වල කාර්යක්ෂමතාව අඩුවීම හෝ රෝග විනිශ්චය හඳුනාගැනීමේ අසාර්ථකත්වය පිළිබඳ සාක්ෂි ඇති ප‍්‍රභේද ඪ්රස්බඑ දෙ ක්‍දබජැරබ (VOC) නමින් හැඳින්වේ. මීට අමතරව දැනට අධීක්ෂණය යටතේ පවතින ප‍්‍රභේද Variants Under Monitored (VUM) නමින් හැදින්වේ. දරුණු ප‍්‍රතිවිපාක ගෙනදිය හැකි ප‍්‍රභේද Variants of High Consequence (VHC) නමින් හැඳින්වේ. එහෙත් මෙම ප‍්‍රභේදය ඩෙල්ටා ප‍්‍රභේදයට වඩා ව්‍යාප්ත වීමේ වේගය හෝ රෝගයේ ලක්ෂණ දරුණු වීමේ ප‍්‍රවණතාව ගැන නිශ්චිත අදහසක් ලෝක සෞඛ්‍ය සංවිධානය පළකොට නැත. එසේම නැවත ආසාදනය වීම සම්බන්ධයෙන් ද තිබෙනුයේ සීමිත සාක්ෂි බව ඔවුන් පවසයි. මෙම ”බියකරු” ”අවදානම්” ”අනතුරුදායක” ප‍්‍රභේද මාධ්‍ය මගින් වාර්තා කරන විට යොදා ගන්නා විද්‍යාත්මක පාරිභාෂික පද කිහිපයක් තිබේ. බරපතළ ලෙස විකෘති වූ (heavily mutated), වේගයෙන් පැතිර යන (highly transmissible), ඉක්මනින් බෝවිය හැකි (high infectivity), රෝගීන් ඇතිවීම වැඩි කරන (increase in prevalence), රෝගයේ දරුණු බව වැඩිකරන (high virulence), එන්නත මගින් ඇති කළ ප‍්‍රතිදේහ මගහැර යාහැකි බව (evades vaccine-induced antibodies), එන්නතේ බලය අඩු කරන (reduce vaccine effectiveness) ආදී යෙදුම් බහුලව පෙනේ. එහෙයින් මේවා Escape variants හෙවත් ”බේරී පලා යන ප‍්‍රභේද” ලෙස නම් කරයි. මෙහි අවසන් නිගමනය වන්නේ නව ප‍්‍රභේදයට එරෙහිව එන්නත බල රහිත වෙමින් යන නිසා නව එන්නතක් හෝ බූස්ටර් මාත‍්‍රා වැඩි කළ යුතු බවය. මෙයින් අපට එළඹිය හැකි අනුමානය නම් අනාගත විකෘතිතා වලට ඔරොත්තු දෙන ආකාරයෙන් එන්නත වරින් වර වෙනස් කළ යුතු බැවින් නව එන්නත් වෙළෙඳපොළට එන බවය.

මේ වන විටත් ඔස්ටේ‍්‍රලියා, ඔස්ටි‍්‍රයා, බෙල්ජියම, බොට්ස්වානා, කැනඩාව, චෙක් ජනරජය, ඩෙන්මාර්කය, ප‍්‍රංශය, ජර්මනිය, හොංකොං, ඊශ‍්‍රායලය, ඉතාලිය, ජපානය, නෙදර්ලන්තය, පෘතුගාලය, ස්පාඤ්ඤය, ස්වීඩනය, එක්සත් රාජධානිය ඇතුළු ලෝකයේ රටවල් 35 කට ඔමික්‍රෝන් ඇතුළු වී හමාරය. මෙය නුදුරේදීම ලංකාවෙන් ද වාර්තා විය. අපි ප‍්‍රභේදයට ද මුහුණ දෙන්නේ පෙර ප‍්‍රභේද වලට මුහුණ දුන් අයුරින්ම මිස රට වසා දමා ආර්ථිකය කඩා වැට්ටවීමෙන් නොවිය යුතුය. සියලූ දෙනා දන්නා පරිදි දේශීය වෛද්‍ය ක‍්‍රමයේ සහාය ඊට අවශ්‍ය වේ. ඩෙල්ටා ප‍්‍රභේදය මෙල්ල කර ගත්තේ එන්නත් නිසා යැයි සිතන බොහෝ දෙනා මේ මතයට එකඟ නොවේ. ඒ නිසා අපි සියලූ දෙනා අන් කවරදාටත් වඩා ස්වාභාවික ප‍්‍රතිශක්තිය ගැන විශ්වාසය තැබිය යුතුය. ඒ සඳහා බිඳ වැටුණු ප‍්‍රතිශක්තිය නැවත යථා තත්ත්වයට පත් කරගැනීම අවශ්‍ය වේ. මේ වන විට මිනිසාගේ ස්වභාවික ප‍්‍රතිශක්තිය හේතු තුනක් නිසා බිඳ වැටෙමින් තිබේ. ඒවා නම් අහිතකර ජීවන රටාව (අහිතකර ආහාර, මානසික ආතතිය, වැරැදි ඇවතුම් පැවතුම්, තාක්ෂණික වහල් බව), පරිසර පද්ධතියේ සමතුලිතතාව නැතිවීම සහ පරිසර දූෂණය (ජලය, පස, වාතය, ධන අයන, ශබ්දය, ආලෝකය, විද්‍යුත් චුම්භක ක්ෂේත‍්‍ර සහ 5G තාක්ෂණය) සහ අධික සහ අහිතකර ලෙස ඖෂධ භාවිතය (ප‍්‍රතිජීවක සහ වෙනත් ප‍්‍රබල ඖෂධ) වේ. අවසන් වශයෙන් ලෝකයේ දියුණුව සමඟ ඊට සමානුපාතිකව ප‍්‍රතිශක්තිය බිඳ වැටෙමින් තිබේ.

වෛද්‍ය
ඩැනිස්ටර් එල්. පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment