රට පනින්න හැදූ කට්ටියක් නාවික හමුදා භාරයට

121


ශ්‍රී ලංකා නාවික හමුදාව මඩකලපුව ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ අද අළුයම සිදුකළ මුර සංචාරයක් අතරතුර නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 85 දෙනෙකු රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන ඇත.
යාත්‍රාවේ ක්‍රියාකරුවන්ද සමඟ වයස අවුරුදු 18 ට වැඩි පිරිමි පුද්ගලයන් 60ක් කාන්තාවන් 14ක් සහ වයස අවුරුදු 18 ට අඩු 11ක් ඇතුළු පුද්ගලයන් 85 දෙනෙකු එම බහුදින ධීවර යාත්‍රාව සමඟ නාවික හමුදා භාරයට ගෙන තිබේ. මොවුන් සම්බන්ධව ඉදිරි නීතිමය කටයුතු සඳහා කාත්තන්කුඩි පොලීසිය වෙත භාරදී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment