රට පුරා පොලිසිවලට අලුත් ඕඅයිසී ලා  ලෙස පත්වීමට17 තෙක්  අයැදුම් කළ හැකියි

126

රට පුරා සියලු පොලිස් ස්ථානවලට පොලිස් ස්ථානාධිපතිවරුන් අලුතින් පත් කිරීම සඳහා අයැදුම්පත් භාර ගැනීම ලබන 17 වැනිදා දක්වා සිදු කෙරේ.

පසුගිය කාලයේ දේශපාලන නිර්දේශ මත පොලිස් ස්ථානාධිපතිවරුන් පත් කළ බවට අනාවරණය වීම හේතුවෙන් මහජන ආරක්ෂක රිතික් ටිරාන් අලස් මහතා ලබාදුන් උපදෙස් මත පොලිස්පතිවරයා මෙම අයැදුම්පත් කැඳවීම සිදුකර ඇත.

මෙහිදී සුදුස්සන් තෝරා ගැනීමෙන් පසුව අනුගමනය කළ ක්‍රමවේදයේ සහ ලකුණු දීමේ පටිපාටිය ජනතාවට දැන ගැනීම සඳහා ප්‍රසිද්ධියට පත් කරන ලෙස ද ටිරාන් අලස් මහතා පොලිස්පතිවරයාට දැනුම් දී තිබේ.

දැනට පොලිස් ස්ථානාධිපතිවරුන් ලෙස රාජකාරි කරන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන්ට සහ පොලිස් පරීක්ෂකවරුන්ට ද මේ සඳහා අයැදුම්පත් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබේ.

නව පොලිස් ස්ථානාධිපතිවරුන් තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණය සඳහා දැනටමත් අයැදුම්පත් රාශියක් ලැබී ඇති අතර මේ වනවිට පොලිස් ස්ථානාධිපතිවරුන් ලෙස රාජකාරි කරන නිලධාරීන් 126 දෙනකුම දේශපාලනඥයන්ගේ ඉල්ලීම් මත මෙම තනතුරුවලට පත් කෙරුණු බව ද පසුගිය දින අනාවරණය විය.

පොලිස්පතිවරයා විසින් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට යොමු කරන ලද ලිපියකින් මේ බව දැනුම් දී තිබිණි.

සමන් ගමගේ
 

advertistmentadvertistment
advertistmentadvertistment