රට පුරා රෝහල්වල  බෙහෙත් වර්ග 300ක් ශල්‍ය ද්‍රව්‍ය 2000ක් නෑ

201

සමස්ත ලංකා වෛද්‍ය  නිලධාරීන්ගේ සංගමයේ ලේකම්

දිවයින පුරා රජයේ රෝහල්වල ඊයේ (11දා) වන විට බෙහෙත් වර්ග 300ක පමණ හා ශල්‍ය ද්‍රව්‍ය 2000ක පමණ උග්‍ර හිඟයක් මතුව තිබූ බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා පැවසීය.

රජයේ රෝහල්වල බාහිර හා අභ්‍යන්තර බෙහෙත් ශාලාවල මෙන්ම පෞද්ගලික ඔසුසල්වල පවා මෙම බෙහෙත් හිඟය මතුව තිබූ බවත් මෙම තත්ත්වය මත රෝහල්වල සිදු කෙරෙන සැත්කම් පවා සිදු කිරීමට වී ඇත්තේ දැඩි දුෂ්කරතා මධ්‍යයේ බව වෛද්‍ය බණ්ඩාර මහතා කීවේය. මේ වන විට හිඟව ඇති ශල්‍ය ද්‍රව්‍ය අතර සැත්කම් සඳහා භාවිත කරන නූල් වර්ග 500ක් පමණ වන බවද හෙතෙම අවධාරණය කළේය.

ඊයේ බොරැල්ලේ පිහිටි සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් වෛද්‍ය බණ්ඩාර මහතා පවතින උග්‍ර බෙහෙත් හා ශල්‍ය ද්‍රව්‍ය හිඟය හේතුවෙන් රෝහල්වල සිදු කෙරෙන සැත්කම් හා ප්‍රතිකාර සේවා සීමා කරන ලෙස බලධාරීන් දැනුම් දී ඇති බව පැවසුවද එම සීමා කිරීම් කටවචනයට පමණක් සීමා වූ ඒවා මිසක චක්‍රලේඛයක් හරහා සිදු කරන ලද්දක් නොවන බව සඳහන් කළේය. පවතින බෙහෙත් හා ශල්‍ය ද්‍රව්‍ය හිඟය මත එවැනි සීමා කිරීම් සිදු කරන්නේ නම් ඒ බව අදාළ අංශ වෙත ලිඛිතව දැනුම් දිය යුතු බව පෙන්වා දුන් හෙතෙම හිඟව පවතින බෙහෙත් වර්ග රෝහලෙන් රෝහලට වෙනස් බවද සඳහන් කළේය.

“රජයේ රෝහල්වල පවතින බෙහෙත් හිඟය හේතුවෙන් සැත්කම් සඳහා අවශ්‍ය හිඟ බෙහෙත් හා ශල්‍ය ද්‍රව්‍ය

රෝගීන්ට ද පිටතින් මිලදී ගෙන පැමිණීමට සිදුවන අවස්ථා පවතී. රජයේ රෝහල්වල හා පෞද්ගලික ඔසුසල්වල උග්‍ර බෙහෙත් හිඟයක් පවතින අතරවාරයේදී බෙහෙත් ආනයනකරුවන්ගේ ඉල්ලීමකට අනුව පෞද්ගලික ඔසුසල්වල අලෙවි කරන බෙහෙත් වර්ගවල මිල සියයට 30කින් හා සියයට 25කින් දෙවරක් වැඩි කිරීම රෝගීන් තවදුරටත් අසීරුතාවට පත් කිරීමකි. මෙහිදී ඔසුසල්වල බෙහෙත් මිල ගණන් ඉහළ දැමීම පිටුපස රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව හා පෞද්ගලික බෙහෙත් සමාගම් කිහිපයක් සිටින අතර මෙම මාෆියාවද වර්තමානයේ එම ඔසුසල්වල පවතින බෙහෙත් හිඟයට සහ මිල වැඩි කිරීමට ඍජුවම හෝ වක්‍රව වගකිවයුතුය. මෙම මාෆියාව නැති කර රෝගී ජනතාවට සහනයක් සැලසීමට නම් රෝහල්වල හා පෞද්ගලික ඔසුසල්වල පවතින බෙහෙත් හිඟය මගහැරවීමටත් වැඩි කරන ලද බෙහෙත් මිල ගණන් අඩු කිරීමටත් බලධාරීන් වහා කටයුතු කළ යුතුව ඇතැයි වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා වැඩිදුරටත් පැවසීය.

ඒමන්ති මාරඹේ, සුජීව තත්සර
 

advertistmentadvertistment
advertistmentadvertistment