රට බංකොලොත් ආණ්ඩුව අසාර්ථකයි

369

අකිත පෙරේරා
 
 අද වන විට රට මූල්‍ය වශයෙන් මෙන්ම ආර්ථික වශයෙනුත් බංකොලොත් වී ඇති බවත් ආණ්ඩුව සංවර්ධනය වෙනුවට ගරා වැටීම රටට රැගෙනවිත් ඇති බවත් විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පැවසීය.
 
 ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම් අබියස අපේ රට ඉතිහාසයේ බරපතලම අගාධයක වැටී ඇති බවත් ඒ මහතා පැවසීය.
 
 සමගි ජන බලවේගයට අනුබද්ධ සමගි තරුණ බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ රැස්වීමේදී හෙතෙම ඊයේ (01* මේ බව පැවසීය.
 
 සමගි ජන බලවේග ප‍්‍රධාන කාර්යාලයේ දී පැවැති මෙම රැුස්වීමේදී තවදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා පවසා සිටියේ ආණ්ඩුව නොවළහා කළ යුත්තේ මේ ආර්ථික කඩා වැටීමට විසඳුම් සෙවීම බවය. එහෙත් ආණ්ඩුවට එවැනි අවශ්‍යතාවයක් හෝ වැඩපිළිවෙළක් නැති බව ද ඒ මහතා පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment