රට බැබළ වූ ශූරයෝ සහ ශූරියෝ දිවයිනට

193

දොළොස්වන ආසියානු නෙට්බෝල් ශූරතාවලිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ 12 වැනිදා රාත්‍රි 11.50 ට ඹඛ 315 දරන ගුවන් යානයෙන් දිවයිනට පැමිණීමට නියමිතව තිබිණි.

 ඒ අතර ආසියානු කුසලාන අවසන් මහා තරගයේ දී පාකිස්තානය පරදවා ලකුණු 23කින් ජයග්‍රහණය ලබාගත් ශ්‍රී ලංකා කණ්ඩායම අද (13 වැනිදා) පාන්දර 4.00 ට ඹඛ 226 දරන ගුවන් යානයෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

 ආසියානු ක්‍රිකට් ශූරයන් සහ ආසියානු නෙට්බෝල් ශූරියන් රතු පළස මතින් පිළිගැනීමේ අවස්ථාවක් ගුවන්තොටුපළේ විශේෂ පර්යන්තයේ සැලසුම් කර ඇති බව සඳහන් වේ.

 මෙම අවස්ථාවට ක්‍රීඩා ඇමැතිවරයා ඇතුළු නිලධාරීන් රැසක් සහභාගි වීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment