රට යන්න එන්නතේ වර්ගය බාධාවක් නැහැ – රජය කියයි

884

ශ‍්‍රී ලාංකිකයන් වැඩි වශයෙන් විදේශගත වන රටවල් සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කරන ලද ඕනෑම එන්නත් වර්ගයක් ප‍්‍රමාණවත් බව රජය සඳහන් කරයි. කොවිඞ් වසංගතයෙන් පසු විදේශ ගතවීම සඳහා විවිධාකාරයේ එන්නත් වර්ග අවශ්‍ය බවට පැතිරී යන රාවයන් සම්බන්ධයෙන් විදේශ අමාත්‍යාංශය විසින් කොවිඞ් කාර්ය සාධක බළකාය, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෙත වාර්තාවක් යොමු කරමින් මේ බව දැනුම්දී ඇත.

ඒ අනුව ඔස්ටේ‍්‍රලියාව, කැනඩාව, චීනය, දකුණු කොරියාව, ස්විස්ටර්ලන්තය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාර් රාජ්‍යය යන රටවලට යෑමේදී – ඕනෑම එන්නතක් ලබා තිබීම ප‍්‍රමාණවත්ය. චීනය, ප‍්‍රංශය, නවසීලන්තය, හොංකොං, පාකිස්ථානය, සවුදි, එක්සත් රාජධානිය, ඇමරිකානු එක්සත් ජනපදය සඳහා එන්නත් කිරීම් අවශ්‍ය නැත. ඉන්දියාව සඳහා පිවිසීමේදී, එන්නත් මාත‍්‍රා දෙකම, පී.සී.ආර්. පරීක්ෂණ සහ නිරෝධායනය අවශ්‍ය බව මෙම වාර්තාවේ සඳහන්ය. මැද පෙරදිග රටවල් රාශියක්ම ශ‍්‍රමිකයන් සහ සිසුන් සඳහා අනුමත එන්නතක් ලබා තිබීම ප‍්‍රමාණවත් බව දන්වා ඇතැයිද එම වාර්තාවේ සඳහන් කර ඇත.

මේ අනුව ඇතැම් රටවලට ඇතුල්වීමේදී සයිනෝෆාම් එන්නත වලංගු නොමැති බවත් විශේෂයෙන්ම ඇමරිකා එක්සත් ජනපදය සඳහා ෆයිසර් එන්නත පමණක් වලංගු බවට පැතිර යන තොරතුරු පදනම් විරහිත බව එම වාර්තාවෙන් සනාථ වේ. ශ‍්‍රී ලංකා රජය ලබා දෙන්නේ, ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කරන ලද එන්නත් පමණක් හෙයින්, විදේශ ගතවීමේදී එන්නත් අවශ්‍ය රටවල් සඳහා එම ඕනෑම එන්නතක් වලංගු බවත් රජය වැඩිදුරටත් සඳහන් කරයි.

මනෝජ් අබයදීර
 

advertistmentadvertistment
advertistmentadvertistment