රට යන රජයේ සේවකයින් ගැන ජනපති ලේකම් විමසයි

274


විදේශ රැකියා සඳහා යන රජයේ සේවකයින්ගේ නිවාඩු අනුමත කිරීමට පෙර නියමිත පරිදි බැංකු ණය මුදල් සහ වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් දායක මුදල් ලැබෙන බවට තහවුරු කරගත හැකි ක්‍රමවේදයක් සකස් කරන ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් සහ විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් වෙත දැනුම්දී ඇත.එය මෙම මස 31 වැනිදාට පෙර සකස් කර ක්‍රියාත්මක කිරීමට ද ජනාධිපති ලේකම්වරයා උපදෙස් දී තිබේ.
විදේශ රැකියා සඳහා යොමුවන රාජ්‍ය සේවකයන් වෙත විශ්‍රාම වැටුප් ගෙවීම විධිමත් කිරිමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය විසින්’ ලබාගන්නා දත්ත විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ පරිශීලනය සඳහා විවෘත කිරීමට ද අවධානය යොමු කර ඇත.
නිවාඩු ලබා ගැනීම පිළිබඳ අයදුම්පත් යොමු කිරීමේදී අනුගමනය කළයුතු ක්‍රියාපටිපාටි සම්බන්ධයෙන් ආයතන ප්‍රධානී වෙත උපදෙස් සහ කාල රාමුවක් ලබාදීම, නිවාඩු අනුමත කිරීම ප්‍රමාදවන අයදුම් පත්‍ර සඳහා මාර්ග ගත අභියාචනා කිරීමේ ක්‍රමවේදයක් ඇති කිරීමට ද අවධානය යොමු කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment