රට රස්සාව එපා කියා කාබනික ගොවිතැන කරන දිරිය පුතෙක් – කාබනික පොහොර හදන්නත් පටන් අරන්

644

රසායනික පොහොර වලින් තොර රටක් හා කාබනික පොහොර භාවිතයට ගොවි ජනතාව නැඹුරු කිරීමේ රජයේ වැඩසටහනට සමගාමීව ජනතාව සිය වගාවන් සදහා අවශ්‍ය කාබනික පොහොර තමන් විසින්ම නිෂ්පාදනය කිරීමට මේ දිනවල කටයුතු කරන අයුරු දක්නට ලැබේ.

රට රස්සාව එපා කියා කාබනික ගොවිතැන කරන දිරිය පුතෙක් - කාබනික පොහොර හදන්නත් පටන් අරන්

කාබනික පොහොර නිෂ්පාදනය කිරීමේ වැඩසටහන් අදාල ගොවිජන සේවා මධ්‍යස්ථානවල නිලධාරින්ගේ සහ කෘෂි පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන්ගේ උපදෙස් මත ක‍්‍රියාත්මක කෙරේ.

රට රස්සාව එපා කියා කාබනික ගොවිතැන කරන දිරිය පුතෙක් - කාබනික පොහොර හදන්නත් පටන් අරන්

මේ අතර යුරෝපා රටවල වසර තිහකට අධික කාලයක් සේවයේ නියුතු පුද්ගලයෙක් සිය නිවාඩු කාලය සඳහා ලංකාවට පැමිණි අවස්ථාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පය මත ක‍්‍රියාත්මක කාබනික පොහොර භාවිතය වැඩසටහන සම්බන්ධව පැහැදීමක් ඇති වී නැවත විදෙස්ගත නොවී කාබනික පොහොර වගාවන් පවත්වා ගෙනයාමට සහ කාබනික පොහොර නිෂ්පාදනය සඳහා යොමු වූ පුද්ගලයෙක් ගැන වාර්තා වූයේ මාරවිල හාල්පන්විල ප‍්‍රදේශයෙනි. අනුර දේශප‍්‍රිය යන අය මෙම ආදර්ශය ගෙන දෙන්නේය.

රට රස්සාව එපා කියා කාබනික ගොවිතැන කරන දිරිය පුතෙක් - කාබනික පොහොර හදන්නත් පටන් අරන්

ඔහු මේ වනවිට කාබනික පොහොර භාවිතාකර කෙසෙල් සහ කහ වගාවන් ඉතා සාර්ථකව පවත්වාගෙන යයි.

 වසරක පමණ ආසන්න කාලයක් තිස්සේ මීට අවශ්‍ය කාබනික පොහොර ඔහු ලබාගෙන ඇත්තේ නාත්තන්ඩිය ප‍්‍රාදේශීය සභාව මගින් පවත්වාගෙන යන කාබනික පොහොර අංගනයෙනි. මේ වන විට ඔහු තම වගාවන්ට අවශ්‍ය කාබනික පොහොර සිය ගෙවත්තේම නිෂ්පාදනය කිරීමට කටයුතු යොදා ඇත. මහවැව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කුඩාවැව ගොවිජන සේවා මධ්‍යස්ථානයේ නිලධාරීන් හා කෘෂි නිෂ්පාදන පර්යේෂණ සහකාර නිලධාරීන්ගේ උපදෙස් මත කාබනික පොහොර නිෂ්පාදනය කිරීමේ ප‍්‍රායෝගික වැඩසටහනක් අනුර දේශප‍්‍රිය මහතා සිය වගාවන් පවත්වාගෙන යන වගාබිමේ සිදුවිය.

රට රස්සාව එපා කියා කාබනික ගොවිතැන කරන දිරිය පුතෙක් - කාබනික පොහොර හදන්නත් පටන් අරන්



 මේ සම්බන්ධව අදහස් දක්වන දේශප‍්‍රිය මහතා මෙසේ කියයි.

 මම වසර තිහක් තිස්සේ යුරෝපා රටවල් සේවය කළා. මීට වසරකට පමණ පෙර මම බිරිඳ හා දරුවන් සමඟ නිවාඩුවකට ලංකාවට පැමිණියේ නැවත යන අරමුණින්. ඒ අතරතුර මම කාබනික පොහොර භාවිතා කර වගාවන් පවත්වා ගැනීමට කටයුතු කළා. කාබනික පොහොර භාවිතා කරල සිදුකළ වගාව ඉතා සාර්ථකයි. නාත්තන්ඩිය කාබනික පොහොර අංගනයෙන් තමයි මම මීට අවශ්‍ය කබනික පොහොර ලබා ගත්තේ නමුත් මම දැන් මගේ වගාවන් සඳහා ගෙවත්තේම කාබනික පොහොර නිෂ්පාදනය කිරීමට කටයුතු කරලා තියෙනවා. ඉදිරියේදී මම බලා බලාපොරොත්තු වෙනවා කාබනික පොහොර නිෂ්පාදනය කිරීමට තාක්ෂණික උපකරණ භාවිතා කරලා. ඒ සඳහා අවශ්‍ය උපදෙස් හා සහාය රජයේ ආයතන වලින් ලබා ගැනීමට මම බලාපොරොත්තු වෙනවා. මම හිතනවා ඉදිරියේදී මට හැකිවෙනවා ප‍්‍රදේශයේ ජනතාවට රැුකියා අවස්ථා ගණනාවක් ලබා දෙන්නඒ වගේම ප‍්‍රදේශයේ කාබනිපොහොර අවශ්‍යතාවයන්ට සැපයුම් ලබා දීමටත් හැකිවන හැකිවනවා.

 අමරනන්ද විජේසේකර
 මහවැව

 සංස්කරණය – ජගත් කණහැරආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment