රට ලොක්ඩවුන් කිරීමට ජර්මන් රජයේ අවධානය

220

ජනතා විරෝධය එල්ල වුවද පවතින බරපතළ කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ඉදිරියේදී රට අගුලූ දැමීමට සිදු විය හැකි බව ජර්මන් සෞඛ්‍ය ඇමැති ජෙන්ස් ස්පාන් පවසා තිබේ. ජර්මනියේ කොරෝනා වසංගතයේ පැතිරීම ඉකුත් සතියේදී පෙර සතියට වඩා බෙහෙවින් වැඩි වී ඇති බවද ඔහු පවසා තිබේ.

 මේ වන විට ජර්මනියෙන් දිනකට කොරෝනා ආසාදිතයන් 50,000 කට අධික සංඛ්‍යාවක් වාර්තා වෙමින් පවතින අතර ජනගහනයෙන් ලක්ෂයකට ආසාදිතයන් 500 දෙනකු වාර්තා වන බව අනාවරණය වී තිබේ. මේ වන විට ආසාදිතයන්ගෙන් ජර්මනියේ රෝහල් දැඩි සත්කාර ඒකක ඇඳන් පිරී ඉතිරී යන තත්ත්වයක් උද්ගතව ඇති බවද වාර්තා වී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment