රට ලොක්ඩවුන් කිරීම විසඳුම නොවේ… ඔස්ටේ‍්‍රලියානු අගමැති

233

රට ලොක්ඩවුන් කිරීම කොවිඞ් වසංගතය පාලනයට තිරසාර විසඳුමක් නොවන බව ඔස්ටේ‍්‍රලියා අගමැති ස්කොට් මොරිසන් පවසයි. රටින් වසංගතය තුරන් කිරීමේ නව සැලසුම වන්නේ ‘‘වෛරසය සමග ජීවත්වීමේ මාවතක්” සැකසීම බව ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත. රටේ එන්නත්කරණට සුදුසුකම් ලබා ඇති ජනතාවගෙන් 70% පමණ එන්නත්කරණය කිරීම කළ පසු අදාළ තීරණය ගත යුතු බව ඔහු පැවසීය. ප‍්‍රාන්ත හා නගර රැුසක් ලොක්ඩවුන් කර ඇති පසුබිමක ඔස්ටේ‍්‍රලියාවේ දෛනික ආසාදිතයන් වාර්තාව යළි අලූත් වී තිබේ.

 ලොක්ඩවුන් සීමා නිසා ජනතාවට සහ ව්‍යාපාරවලට සිදුවී ඇති බලපෑම තමා හඳුනාගෙන ඇති නමුත් අවාසනාවකට මේ මොහොතේ රට ලොක්ඩවුන් කිරීම අවශ්‍ය බවද අගමැතිවරයා සඳහන් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment