රට ලොක්ඩවුන් නෙවෙයි ‘ලොකප්’ කරන්න…. මහාචාර්ය අර්ජුන ද සිල්වා

345

සති දෙකක පමණ කාලයක් කොවිඞ් වසංගතයේ තීරණාත්මක අවස්ථාවකට පැමිණිය හැකි නිසා මංගල උත්සව අත්හිටුවීමටත්, කායවර්ධන මධ්‍යස්ථාන වසා දැමීමටත්, අවමංගල උත්සව කාලය සීමා කිරීමටත්, කටයුතු කළ යුතුව ඇතැයි කායික රෝග පිළිබඳ මහාචාර්ය අර්ජුන ද සිල්වා කියා සිටී.

 මෙම කාලය ඉතාම තීරණාත්මක වන බැවින් දැඩි සංචරණ සීමා පනවා පාරට බහින්නේ නැතිව රජය සහ අදාළ පාර්ශ්ව එකතු වී ව්‍යසනයෙන් ගොඩ දාන්න නම් සෞඛ්‍ය අංශවලට අවස්ථාව ලබාදිය යුතු බවද ඔහු අවධාරණය කර සිටී.

 දැඩි සංචරණ සීමා පනවා තිබුණත් පළාත් සහ දිස්ත‍්‍රික්ක හැරෙන්න ජනතාව සංචරණය කරන බව ද ඒ මහතා කීය.

 ඒ මහතා වැඩිදුරටත් මෙසේද කීය. මේ සති දෙක තීරණාත්මකයි. අනිවාර්යෙන්ම මංගල උත්සව, කායවර්ධන මධ්‍යස්ථාන වගෙ ඒවාට ඉඩ දෙන්න බැහැ. ඒවා නවත්වන්න ඕන. වැඩිපුරම මේ වෛරසය බෝවෙන්න පුළුවන් ස්ථාන සහ ක‍්‍රියාකාරකම් ඔක්කොම නවත්වන්න ඕන. රට ලොක්ඩවුන් නෙවෙයි ලොකප් කරන්න ඕන. රට ලොක්ඩවුන් කියන්නේ ඔක්කොම වහන එකනේ. ඒක කරන්න බැරි නම් මොනව හරි සුදුසු දෙයක් කරන්න කියලා කියනවා.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment