රට වසා කොරෝනා පාලනය කරන්න බැහැ… ජනතාව සෞඛ්‍ය නීති පිළිපැදිය යුතුයි

124

කොරෝනා වෛරසය යළි යළිත් රටවලට ඇතුළුවීම සම්පූර්ණයෙන් පාලනය කරන්නට මෙතෙක් කිසිම රටකට නොහැකිවී ඇති බවත් රට වසා දැමීමකින් කළ හැක්කේ තාවකාලිකව අවදානම පාලනය කිරීමක් පමණක් යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙරේදා (25 දා* ජාතිය අමතමින් පැවසීය.
 
 පළමු සහ දෙවැනි කොරෝනා රැල්ල පාලනය කළත් තුන්වැනි රැුල්ල මගින් වෛරස ප‍්‍රභේද ගණනක් රටට ඇතුළුවී ඇති නිසා වැඩි අවදානම් තත්ත්වයක් උදාවී ඇති බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
 
 කොරෝනා නිසා සංචාරක ක්‍ෂේත‍්‍රයේ ස්වයං රැකියා අංශයේ, කුඩා හා මධ්‍යම පරිමාණයේ ව්‍යාපාරවල ලක්ෂ
 
 ගණනකගේ රැුකියා දැඩි අර්බුදයකට ලක්ව ඇති බව පැවැසූ ජනාධිපතිවරයා මෙය සාර්ථකව පාලනය කිරීමට නම් රජය විසින් පැනවූ දැඩි සමාජ දුරස්ථභාවය සෞඛ්‍ය නීතිවලට ජනතාව වගකීමෙන් සහාය දිය යුතු යැයි ද කීවේය.
 
 කිසි දිනෙක අවසන් කළ නොහැකි යැයි කී එල්. ටී. ටී. ඊ. ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධය අවසන් කළක් මෙන් රට මුහුණ දී ඇති ගැටලූවලින් මුදාගෙන ජනතාවට සෞභාග්‍ය උදාකිරීමේ අරමුණ වෙනුවෙන් ද තමා කැපවන බව පැවසූ ජනාධිපතිවරයා තමා සැම විටම ක‍්‍රියා කරන්නේ සැලසුමකට අනුව බවත් සඳහන් කළේය.

රට වසා කොරෝනා පාලනය කරන්න බැහැ… ජනතාව සෞඛ්‍ය නීති පිළිපැදිය යුතුයි
 
 කොරෝනා වෛරසය යළි යළිත් රටවලට ඇතුළුවීම සම්පූර්ණයෙන් පාලනය කරන්නට මෙතෙක් කිසිම රටකට නොහැකිවී ඇති බවත් රට වසා දැමීමකින් කළ හැක්කේ තාවකාලිකව අවදානම පාලනය කිරීමක් පමණක් යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙරේදා (25 දා* ජාතිය අමතමින් පැවසීය.
 
 පළමු සහ දෙවැනි කොරෝනා රැුල්ල පාලනය කළත් තුන්වැනි රැුල්ල මගින් වෛරස ප‍්‍රභේද ගණනක් රටට ඇතුළුවී ඇති නිසා වැඩි අවදානම් තත්ත්වයක් උදාවී ඇති බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
 
 කොරෝනා නිසා සංචාරක ක්‍ෂේත‍්‍රයේ ස්වයං රැකියා අංශයේ, කුඩා හා මධ්‍යම පරිමාණයේ ව්‍යාපාරවල ලක්ෂ
 
 ගණනකගේ රැුකියා දැඩි අර්බුදයකට ලක්ව ඇති බව පැවැසූ ජනාධිපතිවරයා මෙය සාර්ථකව පාලනය කිරීමට නම් රජය විසින් පැනවූ දැඩි සමාජ දුරස්ථභාවය සෞඛ්‍ය නීතිවලට ජනතාව වගකීමෙන් සහාය දිය යුතු යැයි ද කීවේය.
 
 කිසි දිනෙක අවසන් කළ නොහැකි යැයි කී එල්. ටී. ටී. ඊ. ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධය අවසන් කළක් මෙන් රට මුහුණ දී ඇති ගැටලූවලින් මුදාගෙන ජනතාවට සෞභාග්‍ය උදාකිරීමේ අරමුණ වෙනුවෙන් ද තමා කැපවන බව පැවසූ ජනාධිපතිවරයා තමා සැම විටම ක‍්‍රියා කරන්නේ සැලසුමකට අනුව බවත් සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment