රට වහනවාද තීරණය අද… ජනපති ජාතිය අමතයි

561

විවිධ පාර්ශ්ව වෙතින් කෙරෙන ඉල්ලීම් සහ සෞඛ්‍ය අංශවල දත්ත සැලකිල්ලට ගනිමින්… සතියකට හෝ දෙකකට රට වසා දමනවාද යන තීරණය ජනාධිපති  ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් බොහෝ දුරට අද (20 වැනිදා* ගනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

 සාමාන්‍යයෙන් සිදුවන පරිදි කොරෝනා මර්දන ජනාධිපති කාර්ය සාධක බළකාය අද (20 වැනිදා* රැුස්වීමෙන් අනතුරුව ජනාධිපතිවරයා රට වසා දමනවා ද නැද්ද නිශ්චිත තීරණයකට එළඹෙනු ඇතැයි ද එම ආරංචි මාර්ග කියා සිටියි.

 කොරෝනා මර්දන කාර්ය සාධක බළකාය ඉකුත් සිකුරාදා රැුස්වූ අවස්ථාවේදී ද පැවැති සාකච්ඡුාවලින් අනතුරුව සංචරණ සීමා දැඩි කිරීමට රජය කටයුතු කළේය.

 පවතින වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා එසේ පනවනු ලැබූ සංචරණ සීමා තවදුරටත් ඉහළ දැමීමට පෙරේදා (18 වැනිදා* සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා කටයුතු කළේය.

 මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (20 වැනිදා* ජාතිය අමතා විශේෂ ප‍්‍රකාශයක් කිරීමට සූදානමක් පවතින බව ද ආරංචිමාර්ග සඳහන් කරයි.

 එහිදී ජනාධිපතිවරයා විසින් නිරෝධායන ක‍්‍රියාවලියට අනුව පවතින වසංගත තත්ත්වය පාලනය කර ගැනීම සඳහා ගනු ලබන ඉදිරි ක‍්‍රියාමාර්ග පිළිබඳ ප‍්‍රකාශයක් කිරීමට නියමිත බවද සඳහන් වෙයි.

 පවතින වසංගත තත්ත්වයන් හේතුවෙන් දිනෙන් දින වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව මෙන්ම මරණ සංඛ්‍යාව ද ඉහළ යමින් තිබෙන අතර පසුගිය දින දෙකක කාලයේ මෙරටින් වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 170 සීමාව දක්වා ඉහළ ගියේය.

 රෝග ලක්ෂණ පෙන්නුම් කරන සහ සංකූලතා වැඩි ඔක්සිජන් අවශ්‍ය කරන ආසාදිතයන් වාර්තා වීම ඉහළ යෑම හේතුවෙන් මේ වන විට රටේ රෝහල් ධාරිතාව ද උපරිම සීමාව ඉක්මවා ගොස් ඇති අතර සෞඛ්‍ය සේවකයෝ ද දිනෙන් දින රෝගයට ගොදුරු වෙමින් සිටිති.

 මේ වන විට සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ වෛද්‍යවරුන් 209ක්, හෙද හෙදියන් දහසකට වැඩි පිරිසක්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 37 දෙනෙක් ඇතුළුව රෝහල් කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් රැුසකට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.

 කොරෝනා ආසාදනය වූ වෛද්‍යවරුන් අතරින් තිදෙනකු මේ වන විට මරණයට පත්ව ඇති අතර හෙද හෙදියන් තිදෙනකු ද කොරෝනා ආසාදනය වීමෙන් මරණයට පත්ව ඇත.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment