රට වහනවා හැර විකල්පයක් නෑ

359

රට පත්ව ඇති බරපතළ තත්ත්වය හමුවේ ආණ්ඩුව තීන්දු කළ යුත්තේ ‘ආර්ථිකයද, ජනතාව ජීවත් කරවීමට අවශ්‍ය ඔක්සිජන් ද’ යන කරුණු දෙකෙන් එකක් බවත්, වහාම රට වසා දමනවා හැර මේ මොහොතේ ජනතාව ජීවත් කිරීමට කිසිදු විකල්පයක් නැති බවත් විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පැවසීය.

 දෙබරවැව තිස්සමහාරාම ගැමුණුපුර ශ‍්‍රී විශුද්ධාරාම විහාරයේ ශ‍්‍රීමත් රණසිංහ පේ‍්‍රමදාස මූලික පිරිවෙනේ පරිවෙණාධිපති පූජ්‍යපාද සාලියපුර සුධර්ශන නාහිමිපාණන් වහන්සේ ඊයේ (13) බැහැදැක ආශිර්වාදය ලබාගත් විපක්ෂ නායකවරයා ඉන් අනතුරුව පැවැති සාකච්ඡුාවේදී එසේ පැවසීය.

 මේ ව්‍යසනයෙන් ජීවිත බේරා ගැනීම කාටත් පැවරී ඇති වගකීම බවත්, ඉන් පසු ආර්ථිකය ගැන සිතිය හැකි බවත් විපක්ෂ නායකවරයා එහිදී පැවසීය.

 මේ අතර සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම සිය වැටුපෙන් දායකත්වය ලබා දෙමින් ජනතාව උදෙසා ‘සමගි ජනබලවේග මන්ත‍්‍රී අරමුදල’ ඊයේ ආරම්භ වූ අතර විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා විසින් එය ප‍්‍රකාශයට පත්කරනු ලැබීය.

 මෙරට ක‍්‍රියාත්මක එන්නත්කරණ ක‍්‍රියාවලිය පිළිබඳව සිය අවධානය යොමුකළ විපක්ෂ නායකවරයා පැවසුවේ ‘එන්නත් තුන්වෙනි මාත‍්‍රාව’ කඩිනමින්ම ඇනවුම් කළ යුතු බවය.

 මේ දැඩි ව්‍යසනකාරී මොහොතේ ගෑස් මිල ඉහළ නංවා ඒ බර ජනතාව පිට පැටවීමට ආණ්ඩුව අමානුෂික තීන්දුවක් ගෙන ඇති බවත් ඒ පිළිබඳව සිය බලවත් විරෝධය පළ කරන බවත් විපක්ෂ නායකවරයා කීවේය. වහාම ගෑස් මිල අඩුකොට ජනතාවට සහන සැලසිය යුතු බව ද හෙතෙම කීවේය.

 ලබන සතියේ පවත්වන්නට නියමිතව තිබූ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම් රැුස්වීම වහාම අත්හිටුවීමට විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා උපදෙස් දුන්නේය.

 එළැඹෙන සතියේ පාර්ලිමේන්තු සභාවාරය ද කල් තබන ලෙස ඉල්ලා සිටියේය.

 ආණ්ඩුව වහාම මේ මොහොතේ රටේ පවත්නා ඇත්ත තත්ත්වය රටට හෙළිදරව් කළ යුතු බවත් එසේ නොකර ජනතාවට අසත්‍ය සහ මිථ්‍යාව ඉදිරිපත් කිරීම ආණ්ඩුව නතර කළ යුතු බවත් ඒ මහතා පැවසීය.

 ආණ්ඩුව තමන්ට සුපුරුදු නාගයින් වැඩම කිරීම, පැණි ප‍්‍රචාරණය, මුට්ටි ගඟට දැමීම වැනි මිථ්‍යාවන්ගෙන් මිදී සත්‍යය ජනතාවට කිවයුතු බවද විපක්ෂ නායකවරයා පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment