රට වැටී තිබෙන අගාධයෙන් යම් තමින් හෝ ගොඩගත හැක්කේ වත්මන් අගමැතිවරයාටයි

360

රට මිස බලය ගැන සිතා ඇමැතිවරු ක්‍රියා නොකළ යුතුයි- බෙංගමුවේ නාලක හිමි

රනිල් වික්‍රමසිංහ මහතාගේ සම්ප්‍රාප්තිය අවශ්‍ය වන්නේ හා වැදගත් වන්නේ රටේ උද්ගතව ඇති බරපතළ ප්‍රශ්න විසඳීමට ඔහුගේ තෘතහස්ත පළපුරුද්ද ජාත්‍යන්තර සම්බන්ධතා කෙරෙහි ඔහුට ඇති දක්ෂතාව මත යයි දේශප්‍රේමී භික්ෂු පෙරමුණේ ලේකම් ජාතික හිමිකම් සංවිධානයේ හා ජාතික සංවිධාන සම්මේලනයේ සභාපති බෙංගමුවේ නාලක අනුනාහිමිපාණෝ පවසති.වර්තමානයේ රට වැටී තිබෙන අගාධය ගැන මාස කිහිපයක් තිස්සේ හිතවතුන් සමග සාකච්ඡා කළෙමු. එහිදී හිතවතුන්ගේ ද අදහස් අනුව මා ප්‍රකාශ කළේ රනිල් හොඳ මිනිහෙක් නම් නොවේ. එහෙත් රට වැටී සිටින ආර්ථික අගාධයෙන් යම් තරමකින් හෝ රට ගොඩගැනීමට සිටින මිනිසා රනිල් වික්‍රමසිංහ බවයි. එසේ පැවසීමට හේතු වූ පදනමක් ද ඇත.

භූමිතෙල්, පෙට්‍රල්, ඩීසල්, ගෑස් වැනි ඉන්ධන මෙන්ම ඖෂධ වර්ග හා කෑම බීම ද මිල අධික වීම නිසා හිඟ වීම නිසා රටේ ජනතාව බරපතළ අසීරුතාවකට පත්ව සිටිති. බොහෝවිට කුසගින්නට කෑම ටිකක් කඩේකින් ගැනීමට නොහැකි වන අතර, උයාපිහා ගැනීමට ද ඉඩක් නොමැත. ගෑස් හෝ භූමිතෙල් ලිප් දැල්විය නොහැකි තැන දර ලිප් භාවිතයට යොමු වුවද ඇතැම් නිවෙස්වල දර ලිප් දැල්වීමට ඉඩක් නොමැති අතර නගරබද දර සොයා ගැනීමට ද අසීරු වී ඇත. මේ නිසා කුඩා දරුවන්ට කෑම ටිකක් දීමට නොහැකිව දුකට පත්ව සිටින දෙමාපියෝ බොහෝ වෙති.තවත් පැත්තකින් අත්‍යවශ්‍යම ගමනක් යෑමට හෝ ප්‍රවාහන පහසුකම් සොයාගත නොහැක. එයට හේතුව පෙට්‍රල් හා ඩීසල් හිඟයයි. ඉන්ධන ලබා ගැනීමට කිලෝමීටර ගණන් දිග වාහන පෝලිම් මෙන්ම ජනතා පෝලිම් දකින විට “අනේ අපේ රටට වෙච්ච දෙයක්” යයි සිතට මහා දුකක් ඇති වෙයි. එහෙත් දිනකට ලක්ෂ 92කට වැඩි වියදමක් දරා පාර්ලිමේන්තු සභාවට සහභාගි වන මැති ඇමැතියන්ට ජනතාවගේ මෙම පීඩාව ගැන වගේ වගක් නොමැත. ඔවුන් ඇමතිකම් ලබා ගැනීමට හෝ තම පක්ෂයේ බලය වැඩි කර ගැනීමට හෝ පොරකනවා මිස කරන වෙන දෙයක් නොමැත.

ඔහුගේ අගමැති ධුරය යටතෙහි සියලු දේශපාලන පක්ෂ නියෝජනය වන ලෙස ඇමති මණ්ඩලයක් සහිත අන්තර්වාර පාලන රජයක් පිහිටුවා අනාගතයේ රට ගොඩගැනීමට හා ආරක්ෂා වීමට ද බෙදුම්වාදයට කිසිදු ඉඩක් නොලැබෙන ලෙසට ද මැති ඇමැතිවරුන්ට ද දැනට ඇති වරප්‍රසාද යටතේ අකටයුතුකම් කළ නොහැකි වන පරිදි ද විදේශයන්ට ගැති නොවන දේශීයත්වය ඇගයෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ඇති කර මාස 6කින් හෝ උපරිම වශයෙන් වසරක් තුළ පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට ද කටයුතු කිරීම අවශ්‍ය වේ. එහිදී රට ගැන සිතා මිස බලය හෝ ආත්මාර්ථය ගැන සිතා කිසිදු මැති ඇමැතිවරයෙක් ක්‍රියා නොකළ යුතුයි.  

advertistmentadvertistment
advertistmentadvertistment