රට වැසියන් බිය කරමින් වෘත්තීය සමිති මුදල් ඉල්ලනවා – ජනතාව ඊට එරෙහිව නැඟීසිටිය යුතුයි

78

එජාප සභාපති වජිර

කවුරුහරි වෘත්තීය සමිතියක් වැඩ වර්ජනය සාර්ථකයි කියනවා නම් ඔවුන් රටේ ආර්ථිකය විනාශ කිරීමට ක්‍රියා කරන පුද්ගලයන් ලෙස හැඳින්විය හැකි යැයි එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය.

ආර්ථික, සමාජ සහ දේශපාලන වශයෙන් ඉතාමත් අයහපත් තැනක තිබූ රටක් කෙටි කලකින් නැවත හොඳ තත්ත්වයට ගැනීමට හැකි වූයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ක්‍රියාත්මක කළ වැඩපිළිවෙළ නිසා බව ද එජාප කොට්ඨාස නිලධාරීන් දැනුවත් කිරීමේ හමුවකදී වජිර අබේවර්ධන මහතා පැවසීය.

ජනාධිපතිවරයා රට භාරගන්නා අවස්ථාවේ රට තුළ ඉන්ධන, ගෑස්, කිරිපිටි පෝලිම් නිර්මාණය වී රට පෝලිම් යුගයකට ගමන් කරමින් පෝලිම්වල ජනතාව මියයන තත්ත්වයක් පැවති බවත් රට බංකොළොත් බව ජාත්‍යන්තරය හමුවේ ප්‍රකාශ කිරීමට පවා සිදුවූ බවත් අබේවර්ධන මහතා කීය.

එසේ තිබූ රට යළි නඟාසිටුවීමට කටයුතු කරන විට වෘත්තීය සමිති මුදල් ඉල්ලන බවත්, එසේ මුදල් ලබා ගැනීමට දෙකෝටියක ජනතාව බිය කරමින් සිටින බවත් පැවසූ ඒ මහතා ඊට එරෙහිව මහජනතාව නැඟීසිටිය යුතු බවත් කියා සිටියේය.

ගුරු මනස ද වෘත්තීය සමිති මනසක් නම් පාසල් දුවා දරුවන්ගේ මනස විකෘති වීමට හැකි බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment