රට වැසීමෙන් ජීවනෝපාය අහිමිවූ පවුල්වලට රජයෙන් රු. දෙදහසක්

385

කොවිඞ් 19 ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රට තාවකාලිකව වසා දැමීම හේතුවෙන් ජීවනෝපාය අහිමිවූ පවුල් සඳහා රුපියල් දෙදහසක දීමනාවක් ලබාදීමට රජය තීරණය කර ඇත.

මෙම දීමනාව හිමිවන්නේ රජයෙන් කිසිදු දීමනාවක් නොලබන අඩු ආදායම්ලාභී ජීවනෝපාය අහිමිවූ පවුල් සඳහා පමණක් බව ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධන බළකායේ සම ලේකම් ඇන්ටන් පෙරේරා මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඒ අනුව රාජ්‍ය සේවකයන්, විශ‍්‍රාමිකයන්, සමෘද්ධි ප‍්‍රතිලාභීන්, වැඩිහිටියන්, සියවස් පූර්ණ, අබාධිත වැනි රජයේ මාසික දීමනාලාභීන් මේ සඳහා සුදුසුකම් නොලබයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
 

advertistmentadvertistment
advertistmentadvertistment