රට විරුවන්ගෙන් මාස පහට ඩොලර් මිලියන 2300ක් -ඇමැති මනූෂ නානායක්කාර

172

විදෙස්ගත ශ්‍රමිකයන් මෙම වසරේ (2023) මුල් මාස පහේදී පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 2300 කට වඩා වැඩි මුදලක් මෙරටට එවා ඇතැයි කම්කරු හා විදේශ රැකියා ඇමැති මනුෂ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (09දා) කීය.

ඒ අනුව මෙම වසරේ ජනවාරි මාසයේ දී එම ශ්‍රමිකයන් ඇමරිකානු ඩොලර් මිලියන 437.5ක් ද පෙබරවාරි මාසයේ දී ඩොලර් මිලියන 407.4ක් ද එවා ඇතැයි එම ඇමැතිවරයා කියා සිටියේය.

මෙම වසරේ පසුගිය මාර්තු මාසයේදී පමණක් විදේශගත ශ්‍රමිකයන් ඇමරිකානු ඩොලර් මිලියන 868.3 ක මුදලක් එවා ඇතැයි ද අප්‍රේල් මාසයේ දී විදේශගත ශ්‍රමිකයන් ඇමරිකානු ඩොලර් මිලියන 454 ක මුදලක් මෙරටට එවා ඇතැයි හෙතෙම කීය.

එහිදී පසුගිය මැයි මාසයේදී පමණක් එලෙස එවූ මුදල ඇමරිකානු ඩොලර් මිලියන 480 ක් වන බව ද වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇමැතිවරයා සඳහන් කළේය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment