රට විවෘත කරන්න අලුත් සැලැස්මක්… සංචාරක කලාප ආශි‍්‍රතව නව ආයුර්වේද කොරෝනා ප‍්‍රතිකාර මධ්‍යස්ථාන

137

දැනට කි‍්‍රයාත්මක නිරෝධායන ඇදිරිනීතිය ඉවත් කර රට යළි විවෘත කිරීමේදී කි‍්‍රයාත්මක කළ යුතු සෞඛ්‍ය නිර්දේශ සහ සීමාවන් පිළිබද පූර්ණ සැලසුමක් සකස් කිරීමට කොරෝනා මර්දන විශේෂ කමිටුව ඊයේ (24 වැනිදා* තීරණය කළහ.

මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොරෝනා මර්දන විශේෂ කමිටුව ඊයේ (24 වැනිදා* වීඩියෝ තාක්‍ෂණය ඔස්සේ රැුස්වූ අවස්ථාවේදී මෙම තීරණය ගෙන ඇත.

එහිදී ක්‍ෂේත‍්‍ර තුනක් යටතේ සියල්ල සැලසුම් කිරීමටත් අදාළ සැලසුම් කි‍්‍රයාත්මක කිරීමේදී මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්, ප‍්‍රාදේශීය දේශපාලන අධිකාරිය, ග‍්‍රාමීය සංවර්ධන කමිටු සහ ජනමාධ්‍ය ක්‍ෂේත‍්‍රයේ පූර්ණ සහාය ලබා ගැනීමටත් සාකච්ඡුා වී තිබේ.

මේ අනුව සෞඛ්‍ය විශේෂඥයන්ගේ සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ මගපෙන්වීම් යටතේ රාජ්‍ය අංශය පවත්වාගෙන යෑම සදහා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයත්, පොදු ප‍්‍රවාහන සේවාවන් පවත්වාගෙන යෑම වෙනුවෙන් ප‍්‍රවාහන අමාත්‍යාංශයත් පෞද්ගලික අංශයේ සේවාවන් සදහා කම්කරු අමාත්‍යාංශයත් අදාළ නිර්දේශ නිකුත් කරනු ඇත.

කොරෝනා අභියෝගය හමුවේ නව සාමාන්‍යකරණය යටතේ රටේ ආර්ථිකය අඛණ්ඩව ඉදිරියට ගෙන යෑමට සියලූ පාර්ශ්ව කටයුතු කළ යුතු බව මෙහිදී පවසා ඇති බැසිල් රාජපක්‍ෂ මහතා වැඩිදුරටත් කියා ඇත්තේ මේ වන විට සියයට 01 දක්වා පහත වැටී ඇති රටේ ආර්ථික වර්ධන වේගය එළැඹෙන කාර්තුවේදී සියයට 03 මට්ටමක පවත්වාගෙන යෑමට ඉලක්ක සහගතව කටයුතු කිරීම අත්‍යවශ්‍ය වන බවය.

ඒ තුළින් මෙම වසරේ රටේ සමස්ත ආර්ථික වර්ධනය ප‍්‍රතිශතයක් ලෙස සියයට 05 ක මට්ටමක පවත්වා ගැනීමට හැකිවනු ඇතැයි ද බැසිල් රාජපක්‍ෂ මහතා විශ්වාසය පළ කර ඇත.

රටේ දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු යථාවත් කිරීම සදහා පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡුා වී ඇති අතර විශේෂඥ සෞඛ්‍ය කමිටුව මගින් ඒ සදහා වන නිර්දේශ දැනටමත් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත යොමුකරන තිබෙන බව ද එහිදී සඳහන් වී තිබේ.

ඒ අවස්ථාවේ අදහස් දැක්වූ බැසිල් රාජපක්‍ෂ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දී ඇත්තේ ආණ්ඩුකාරවරුන්ට සහ පළාත් සෞඛ්‍ය අධ්‍යක්‍ෂවරුන්ට එකී නිර්දේශ ඍජුවම යොමු කිරීමට කටයුතු කරන ලෙසය.

පාසල් යළි විවෘත කිරීමේදී පවිත‍්‍රකරණය සහ විෂබීජානුහරණය ස`දහා පළාත් පාලන ආයතනවල සහ ප‍්‍රාදේශීය සංවර්ධන කමිටුවල ඍජු දායකත්වය ලබා ගැනීමට ද එහිදී තීරණය කර ඇත.

ආයුර්වේද පශ්චාත් කොරෝනා ප‍්‍රතිකාර ක‍්‍රමය සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡුාවට බ`දුන්වී ඇති අතර සංචාරක කර්මාන්තය ප‍්‍රවර්ධනය උදෙසා සංචාරක කලාප ආශි‍්‍රතව නව ආයුර්වේද කොරෝනා ප‍්‍රතිකාර මධ්‍යස්ථාන කිහිපයක් ස්ථාපිත කිරීම කෙරෙහිද අවදානය යොමුවී තිබේ.

එහිදී අදහස් දැක්වූ දේශීය වෛi කටයුතු පිළිබද රාජ්‍ය ඇමැති සිසර ජයකොඩි මහතා සදහන් කර ඇත්තේ දේශීය ඖෂධ ස`දහා ජාත්‍යන්තරයේ විශාල ඉල්ලූමක් පවතින අතර මේ වන විට දේශීය වෛද්‍ය අමාත්‍යාංශය මගින් දේශීය ප‍්‍රතිශක්ති වර්ධක ඇතුළත් මංජුසාවක් රටපුරා සියලූ නිවාස වෙත ලබා දීමට දැනටමත් සියලූ සැලසුම් සකස් කර අවසන් බවත්ය.

ඒ ස`දහා රුපියල් මිලියට 6000ක මුදලක් වෙන්කර තිබෙන බවද ඇමැතිවරයා කියා දී ඇත.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment