රට විවෘත කළ පසු ආර්ථික කටයුතු යථාවත් වෙමින් තිබෙනවා – මහ බැංකුව කියයි

253

රට විවෘත කර සංචරණ සීමා ලිහිල් කිරීමෙන් පසු රටේ ආර්ථික කටයුතු ක‍්‍රමයෙන් යථා තත්ත්වයට පත් වෙමින් තිබෙන බව ශ‍්‍රී ලංකා මහ බැංකුව පවසයි.

කොවිඞ් 19 වසංගතයට එරෙහිව එන්නත්කරණ වැඩසටහන සාර්ථකව කි‍්‍රයාත්මක කිරීම සහ ආර්ථික වර්ධනය සඳහා සහාය වන ප‍්‍රතිපත්ති කි‍්‍රයාමාර්ග හේතුවෙන් මෙසේ ඉදිරි කාලයේදී ආර්ථික කි‍්‍රයාකාරීත්වය තිරසාරව පවතිනු ඇතැයි අපේක්‍ෂා කරන බවද මහ බැංකුව පවසයි.

ශ‍්‍රී ලංකා ආර්ථිකය පවතින පසුබෑමෙන් මිදී මේ වසරේ (2021) දී සියයට 5 කින් පමණ වර්ධනය වනු ඇතැයිද, එසේම රජය සහ මහ බැංකුව කි‍්‍රයාත්මක කරන කි‍්‍රයාමාර්ග හේතුවෙන් මැදි කාලයේදී ඉහල යන තිරසර ආර්ථික වර්ධන මාවතකට ශ‍්‍රී ලංකාව ගමන් කරනු ඇතැයිද මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක තවදුරටත් සඳහන් වේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment