රට වෙනුවන් දිනන ඉලක්කය අපට තිබුණා: ශූරයින්ට ජන හරසර

250

පළමු පරාජය හමුවේ බොහෝ අය බලාපොරොත්තු අත්හැර ගන්න ඇති!
– ක්‍රිකට් නායක දසුන් ශානක කියයි

තමා හැමවිටම හොඳින් සිතා බලා, කණ්ඩායමේ අනෙකුත් ක්‍රීඩකයන් සමග සාකච්ඡා කර නිවැරැදි තීරණ පමණක් ගන්නා බැවින්, පසුව ඒවා පිළිබඳව පසුතැවීමට අවස්ථාවක් උදා නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක කටුනායක ගුවන්තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරියේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් පැවසීය.

පළමු තරගයෙන් පරාජයට පත් වුණාම අපි ගොඩක් පස්සට ගියා. නමුත් කණ්ඩායමේ සිටින විවිධ දක්ෂතා ඇති ක්‍රීඩකයන්ගේ හැකියාවන් භාවිතා කරමින් මෙම ජයග්‍රහණය අත් කර ගත්තා.

රට වෙනුවන් දිනන ඉලක්කය අපට තිබුණා: ශූරයින්ට ජන හරසර
රට වෙනුවන් දිනන ඉලක්කය අපට තිබුණා: ශූරයින්ට ජන හරසර
රට වෙනුවන් දිනන ඉලක්කය අපට තිබුණා: ශූරයින්ට ජන හරසර
රට වෙනුවන් දිනන ඉලක්කය අපට තිබුණා: ශූරයින්ට ජන හරසර

අපිට වනිදු හසරංග, ධනංජය සිල්වා වැනි දක්ෂතා පිරි ක්‍රීඩකයන් සිටිනවා. ඒ වගේම වමතින් වේග පන්දු යවන ක්‍රීඩකයෙකු සිටිනවා. දකුණතින් වේග පන්දු යවන ක්‍රීඩකයන් හොඳ මිශ්‍රණයකින් යුතුව පන්දු යවනවා යැයි ද පැවසීය.

තවත් මාසයක පමණ කාලයකින් පසුව ඔස්‌ට්‍රේලියාවේදී ලෝක කුසලාන තරගාවලිය පැවැත්වෙනවා. එම තරගාවලියට මෙම ජයග්‍රාහී, නවක ක්‍රීඩකයන් සමග තරග කර ජයග්‍රහණය ලබා ගැනීමට බලාපොරොත්තු වන බව ද දසුන් ශානක පැවසීය.

රට වෙනුවන් දිනන ඉලක්කය අපට තිබුණා: ශූරයින්ට ජන හරසර
රට වෙනුවන් දිනන ඉලක්කය අපට තිබුණා: ශූරයින්ට ජන හරසර
රට වෙනුවන් දිනන ඉලක්කය අපට තිබුණා: ශූරයින්ට ජන හරසර
රට වෙනුවන් දිනන ඉලක්කය අපට තිබුණා: ශූරයින්ට ජන හරසර
රට වෙනුවන් දිනන ඉලක්කය අපට තිබුණා: ශූරයින්ට ජන හරසර

මීට අමතරව භානුක රාජපක්ෂ, වනිදු හසරංග සහ චාමික කරුණාරත්න යන මෙම ජයග්‍රාහී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් ද මාධ්‍යවේදීන් හමුවේ අදහස් දැකවූහ.

මෙම ආසියානු ක්‍රිකට් ශූරතාව දිනා ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (13 වැනිද) අලුයම 04.55 ට ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබුණි.

මෙම ක්‍රීඩකයන් පිරිස පිළිගැනීම සඳහා විශේෂ සංගීත සහ නර්තන කණ්ඩායම් ගුවන්තොටුපළ වෙත කැඳවා තිබූ අතර ක්‍රීඩා සහ යෞවන කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා, එහි උප සභාපති ජයන්ත ධර්මදාස යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් කටුනායක ගුවන්තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ.

මෙම පිළිගැනීමේ උත්සව වලින් අමතරව ආසියානු කුසලාන දිනූ ශ්‍රී ලංකා දැල් පන්දු කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විශේෂ රථ පෙළපාලියක් මගින් කොළඹට කැඳවා ගෙන ඒමට පියවර ගෙන තිබූ අතර, එය දැක බලා ගැනීමට සහ එම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සුබ පැතීම සඳහා කටුනායක ගුවන්තොටුපළ තුළ සහ කොළඹ දක්වා වූ මග දෙපස අතිවිශාල ජනතාවක් රැස් වී සිටියහ.

ගුවන්තොටුපළ – ටී.කේ.ජී. කපිල

ඡයාරූප – සමන් රණවීර, නිමල් දයාරත්න
ගුවන්තොටුපළ – ටී.කේ.ජී. කපිල
කටුනායක – ආනන්ද නිශ්ශංක
ශ්‍රී ලංකා ක්‍රිකට් මුහුණුපොත

advertistmentadvertistment
advertistmentadvertistment