රට වෙනුවෙන් කැපවූ විරු යුවළකට උපන් දියණියකගේ කඳුළු කතාව

2316

වේලූපිල්ලේ ප‍්‍රභාකරන් විසින් අපි ඉදිරියට ගෙන ආ කුරිරු යුද්ධයේදී මිනිස් හදවත් සදාකාලිකව හඩා වැටෙන තරමටම ශෝචනීය වූ එහෙත් ලොවටම රහසේ සිදු වුණු සිදුවීම් බොහෝය. එසේ සැ`ගව තිබූ තවත් එක් කතාවක් යුද්ධය නිම වී දොළොස් වසරකුත් ගෙවී ගොස් තිබියදී ඉකුත් දිනවල ගී සිත්තමක් ලෙසින් යූ ටියුබ් නාලිකාව ඔස්සේ අන්තර් ජාලයේ දිගහැරී තිබෙනු අපි දුටුවෙමු.

රට වෙනුවෙන් කැපවූ විරු යුවළකට උපන් දියණියකගේ කඳුළු කතාව

‘මගෙ දුවේ’ ලෙසින් නම් තබා තිබූ එකී ගී සිත්තම අන්තර්ජාලයේදී නෙත ගැටුණු වහා එහි ඇතුළාන්තය සොයා යන්නට අප තීරණය කරනු ලැබුවේ එතුළින් මතුවී තිබූ අති සංවේදී කතාව අපේ හදවත් පවා මොහොතකට නතර කරන්නට තරම් ප‍්‍රබල වූ නිසාමය. මගෙ දුවේ. ඔව් නුඹ දකින කල අපේ ඇස්වලද ක`දුළක් මතුවෙමින් තිබේ. ඒ කදුළ සමග ගැඹුරින් සිතා බැලීමේදී නුඹද මේ පිං බිමේ ජනිත වු තවත් එක් විහාර මහා දේවියකැයි මට සිතේ. උපන් බිම වෙනුවෙන් නුඹ කර ඇති කැප කිරීමද මහමෙර තරම් වන්නකි. එනිසාම නුඹේ කතාව ලෝකයටම පෙනෙන පරිදි අකුරු කරන්නැයි මගේ සිත මට බලකරමින් සිටී. අපි ඔහුට මේජර් අසංක යැයි කියමු. එය අන්වර්ථයකි. මේ රට වෙනුවෙන් බොහෝ දේ කළ රණවිරුවකු වූ හේ කවරෙක්දැයි නාමිකව හෙළි කරන්නට අපට තවමත් නොහැකිය. ශී‍්‍ර ලංකා යුද හමුදාව තුළ සුවිශේෂී දේ රැුසක් කළ චරිතයක් වූ ඔහු අදටත් මව් බිම වෙනුවෙන් සේවය කරමින් සිටීම ඊට හේතු වී තිබේ. ඔහු අද කර්නල්වරයෙකි. කඩවසම් තරුණ හමුදා නිලධාරියකු වූ අසංක ඒ වන විට විවාහ වී සිටියේ යුද හමුදාවේම මේජර්වරියක වූ ඉරේෂා දිලානි සම`ගය. එයද තවත් එක් පේ‍්‍රම වෘත්තාන්තයක ප‍්‍රතිඵලයක් ලෙසින් සිදු වූවක් විය. ඉකුත් 2008 වසර වන විට නැගෙනහිර පළාත කොටි ග‍්‍රහණයෙන් මුදා ගත් අපේ විරුවෝ වන්නි මානුෂීය මෙහෙයුම ආරම්භ කර සිටියහ. එල්ටීටීඊයට එරෙහි යුද්ධයේදී වැඩිම දුරක් මෙහෙයුම්හි නිරත වෙමින් ත‍්‍රස්තවාදය මේ බිමෙන් අතුගා දමන්නට බොහෝ දේ කළ වත්මන් යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මේ කාලය වන විට මන්නාරම ප‍්‍රදේශයෙන් මෙහෙයුම් අරඹා කොටි බලකොටු සුණුවිසුණු කරමින් ඉදිරියට යමින් සිටියේය. මේ කාලයේදී උතුරු යුද බිමේ සිට නිවාඩු ලබා පැමිණෙන සෙබළුන් ඉලක්ක කර අතරම`ගදී එල්ටීටීඊය එල්ල කළ බිහිසුණු බෝම්බ ප‍්‍රහාර යුද හමුදාව මුහුණ දුන් ප‍්‍රබලම තර්ජනයක් බවටද පත්ව තිබිණිි. මේජර් අසංක මේ කාලයේ වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ එම ප‍්‍රදේශයේ රාජකාරි කරමින් සිටියේය. ඔහු සමග වූ විවාහයේ සො`දුරු ඵළයක් ලෙස සිය කුසේ වැඩෙන කුළු`දුල් දියණිය මෙලොවට එනතුරු දහසක් සිහින මවමින් සිටි මේජර් ඉරේෂා අනුරාධපුර යුද හමුදා ක`දවුරේ රාජකාරියේ යෙදී සිටියාය. දිනය හරියටම කිවහොත් ඉකුත් 2008 වසරේ ජනවාරි 18 වැනිදා විය. මේජර් අසංක එදින නිවාඩු ලබා යුද බිමෙන් ම`දකට ඉවත්ව යෑමට නියමිත තිබිණි. ඔහු එසේ නිවාඩු ලබා ගත්තේද සිය බිරි`ද වූ මේජර් ඉරේෂා දරු ප‍්‍රසූතියට ආසන්නව සිටි බැවින් ඇය රෝහල්ගත කිරීමේ කටයුතු සූදානම් කරනු පිණිසය. අසංක හා ඉරේෂා යුවළ අතරට කුළු`දුලේම එන දියණිය මෙලොව එළිය දකින්නට නියමිත වූයේ 2008 වසරේ පෙබරවාරි මස මුල සතියේදීය. මේ අනුව සිය බිරි`ද රෝහල්ගත කිරීමේ කැටුයුතු ස`දහා නිවාඩු ලබා ගත් මේජර් අසංක එදින යුද හමුදා රථයකින් මන්නාරම මැදවච්චිය මාර්ගයේ අනුරාධපුරය දෙසට එමින් සිටියේය. එසේ එන අතරවාරයේ වව්නියාව චෙට්ටිකුලම් ප‍්‍රදේශයේදී එක්වරම එල්ටීටීඊයේ බුද්ධි අංශ සාමාජිකයකු තනිව ම`ග රැු`දී සිටිනු මේජර් අසංකගේ නෙත ගැටෙන්නේ අහම්බයක් පරිදිය. එම කොටි ත‍්‍රස්තයා දුටු වහාම මේජර් අසංකගේ සිහියට නැගුනේ එදින මන්නාරමට ඉදිරියෙන් වූ යුද බිමේ සිට නිවාඩු ලබා එම මාර්ගය ඔස්සේ පැමිණීමට නියමිතව සිටින සිය ගණනක් වූ යුද හමුදා සෙබළ පිරිසය. මෙම කොටි ත‍්‍රස්තවාදියා මෙසේ මාර්ගයේ රැදී සිටිනුයේ ඒකාන්තයෙන්ම නිවාඩු ලබා පැමිණෙන සෙබළ පිරිස ඉලක්ක කර ප‍්‍රහාරයක් එල්ල කිරීමට ත‍්‍රස්තවාදීන් කර ඇති සැළසුමකට අනුව බව මේජර් අසංකට සැණෙකින් වැටහී ගියේය.

රට වෙනුවෙන් කැපවූ විරු යුවළකට උපන් දියණියකගේ කඳුළු කතාව

ඒ අනුව වහාම ක‍්‍රියාත්මක වූ ඔහු තමන් සම`ග සිටි පිරිස හා එක්ව එකී කොටි ත‍්‍රස්තවාදියා අල්ලා ගනු ලැබීය. පසුව සිදු කළ ප‍්‍රශ්න කිරීමේදී හෙළි වූයේ එදින නිවාඩු ලබා පැමිණෙන සෙබළුන්ට ප‍්‍රහාරයක් එල්ල කිරීම ස`දහා චෙට්ටිකුලම් දකුණ ප‍්‍රදේශයේ වූ කැලයේ ත‍්‍රස්තවාදීන් පිරිසක් සැ`ගවී සිටින බවය. අල්ලාගත් ත‍්‍රස්තවාදියා මේ බව හෙළි කිරීමත් සම`ග බිරි`ද රෝහල්ගත කිරීම ස`දහා ලබාගත් නිවාඩුව පසෙක තැබූ මේජර් අසංක වහාම උසස් හමුදා නිලධාරීන් දැනුවත් කිරීමෙන් ලද උපදෙස් අනුව ගජබා රෙජිමේන්තුවේ භට පිරිසක් සම`ග එක්ව චෙට්ටිකුලම් දකුණ ප‍්‍රදේශයේ කැලයට ගියේ සැ`ගවී සිටි ත‍්‍රස්තවාදීන්ට පාඩමක් උගන්වනු පිණිසය. මෙසේ මේජර් අසංක ඇතුළු පිරිස ත‍්‍රස්තවාදී සැ`ගව සිටි ප‍්‍රදේශයට ළ`ගා වීමත් සම`ග යුද හමුදාව සහ ත‍්‍රස්තවාදීන් අතර ඇවිල ගියේ දැවැන්ත සටනකි. එහිදී ත‍්‍රස්ත ප‍්‍රහාරයට සාර්ථකව මුහුණ දුන් මේජර් අසංක ඇතුළු පිරිස නිවාඩු ලබා පැමිණෙන සෙබළ ජීවිත බේරාගනු පිණිස ඉදිරියටම යද්දී එක්වරම එල්ටීටීඊයේ වෙඩි ප‍්‍රහාරයකට මේජර් අසංක ගොදුරු වූයේ සටන නිමා වීමට ආසන්නව තිබියදීය. එහිදී මේජර් අසංකගේ එක් පාදයකට බරපතළ තුවාල සිදුවිය. පසුව ඔහුව වව්නියාව රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කෙරිණි. එහෙත් තත්ත්වය බරපතළ වූයෙන් අනතුරුව මේජර් අසංකව වව්නියාව රෝහලේ සිට අනුරාධපුර මහ රෝහල වෙත රැුගෙන එනු ලැබීය. මේ වන විට සිදුවූ කිසිත් නොදැන සිටි මේජර් ඉරේෂා සිටියේ නිවාඩු ලැබූ සැමියා තමන් බැලීමට පැමිණෙන තුරුය. එහෙත් මොහොතින් මාහොත සිදුවූ ඔහුගේ ප‍්‍රමාදය ඉරේෂාගේ සිත තුළ මහා බියක් ජනිත කරමින් තිබිණි. මේ අතරේ ඉහළ හමුදා නිලධාරීන්ද පත්ව සිටියේ බරපතළ උභතෝකෝටිකයකටය. අසංක මෙහෙයමුකදී තුවාල ලැබූ බව තවත් දින කිහිපයකින් දරු ප‍්‍රසූතියට සූදානම්ව සිටින මේජර් ඉරේෂාට දැනුම් දෙන්නේ කෙසේදැයි ඔවුහු කල්පනා කරන්නට වූහ. අවසානයේ එදා ඒ වගකීම භාර ගනු ලැබුවේ එවකට වන්නි ආරක්‍ෂක සේනා ආඥාපතිව සිටි ජෙනරාල් ජගත් ජයසූරිය ය. මේජර් ඉරේෂාට කතා කළ ජෙනරාල් ජගත් ජයසූරිය ‘කලබල වෙන්න එපා. මේජර් අසංක ඉන්නවා. එයාට ටිකක් තුවාලයි. යනුවෙන් කියනු ලැබුවේ බොහෝ කල්පනාකාරීවය. සිය ඉහළ නිලධාරියා පැවසූ වදන් පෙළ කන වැකුණ මේජර් ඉරේෂා තුළ ඒ මොහොතේ ඇති වන්නේ වචන කළ නොහැකි තරමේ කම්පනයකි. එක්වරම සිය කුසට අත තබාගත් ඇය අසළ වූ අසුනකට වාරු දෙන්නේ කිසිත් සිතාගත නොහැකි අන්දමේ විසිරුණු මනසකින් යුතුවය. පසුව සියල්ලන්ගෙන් ලද අස්වැසීම් සම`ග අසංක බැලීමට ඉරේෂා අනුරාධපුර රෝහලට යන්නීය. ඒ වන විට හදිසි ශල්‍යකර්මයක් ස`දහා මේජර් අසංකව ශල්‍යාගාරය වෙත රැුගෙන යන්නට රෝහල් වෛiවරුන් පියවර ගෙන තිබිණි. කුසහුන් දියණියද දරාගෙන ශල්‍යකර්මය නිමා වන තුරු කම්පනයට පත් සිතින් යුතුව රෝහලේ රැදී සිටින මේජර් ඉරේෂා අවසානයේ ඉන් පිටත්ව යන්නේ ශල්‍යකර්මයෙන් පසු රැුගෙන ආ මේජර් අසංකව දෑසින් දැකීමෙන් පසුවය. කාලය සෙමින් ගෙවී යන්නට විය. මේ සිදුවීමෙන් දින කිහිපයකට පමණ පසු සිය කුළු`දුල් දරු ප‍්‍රසූතිය ස`දහා නිවාඩු ලබා ගන්නා මේජර් ඉරේෂා කොළඹ නිවසට පැමිණෙන්නේ දරු ප‍්‍රසූතියට සූදානම් වනු පිණිසය. ඉන් දින කිහිපයකට පසු මේජර් අසංකද නිවසට පැමිණෙන්නේය. එහෙත් ඒ වන විට එල්ල වූ වෙඩි ප‍්‍රහාරය හමුවේ මේජර් අසංක සිටියේ දෙපයින් ඇවිද යා නොහැකිවය. ඔහු රෝද පුටුවකට බරදී සිටියේය. එය දුටු ඔහුගේ බිරි`ද ඉරේෂා ගෙවෙන මොහොතක් පාසා රහසේ හ`ඩා වැටුණාය. මෙසේ කාලය ගෙවෙන අතරේ ඉකුත් 2008 වසරේ පෙබරවාරි මාසය ඇරඹෙත්ම මේජර් ඉරේෂා දරු ප‍්‍රසූතිය ස`දහා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කෙරුණාය. මෙසේ ඉරේෂා රෝහල්ගතව සිටියදී මෙරට ජාතික නිදහස් දිනය වූ 2008 වසරේ පෙබරවාරි මස 04 වැනිදාට හිරු උදා විය. නිදහස සමරන්නට රටපුරා සිංහ ධජ එසවෙද්දී එදින උදයේ හිමිදිරි උදයේ රෝහල්ගතව සිටි මේජර් ඉරේෂා දියණියක බිහි කළාය. ඇය නමින් ඉමාෂි අදිත්‍යා වූවාය. මේ අතරේ ඇය බලන්නට රෝහලට පැමිණි මේජර් අසංක රෝද පුටුවට වී සි`ගිති දියණිය දෙස බලා සිටියේ දහසකුත් අනාගත සිහින සම`ගය. මෙසේ කාලය ගෙවී යද්දී ඉරේෂා යළි රෝහලේ සිට නිවසට පැමිණියාය. හරියටම ඉන් දින දහයකට පසු ඒ වන විට සුවය ලබා සිටි මේජර් අසංක යුද හමුදාවෙන් ලද විශේෂ කැදවීමකට අනුව රට වෙනුවෙන් යුතුකම ඉටු කිරීම පිණිස යළිත් යුද බිමට ගියේය. ඉන් වසරකට පමණ පසු වේලූපිල්ලේ ප‍්‍රභාකරන් අවසන් ගමන් යද්දී යුද්ධයද නිමාවට පත්විය. මේජර් අසංකලා වැනි දහසක් විරුවෝ අවසානයේ උපන් රටට සැබෑ නිදහස දිනා දුන්හ. එසේ යුද්ධය නිමා වීමෙන් පසු මේජර් අසංක බටලන්ද ආරක්‍ෂක සේනා විශ්වවිiාලයට ඇතුළත් වූයේ ඒ පිළිබ`ද උපාධිය හදාරණු පිණිසය. මේ අන්දමට දෙවසරක්ම ගෙවී ගියේය. මේජර් අසංකගේ හා ඉරේෂාගේ ලෝකය එක්වරම මහා  ගිනි කන්දක් වී දෙපා මුල ඇද වැටෙන්නේ එසේ කාලය ගෙවෙමින් තිබියදී සිය දියණිය කතා කිරීමට නොහැකි විශේෂ අවශ්‍යතා සහිත දැරියක බව හෙළිවීමත් සම`ගිනි. මවකට හා පියකුට ලොව ඇති උතුම්ම වස්තුව දරුවන්ය. ඒ සෙනෙහස වචන කළ නොහැකිය. කාලය තව තවත් ගෙවී ගියේය. මේ අතරේ ඉමාෂි දියණි පාසල් යන වයසටද ළ`ගා වූවාය. එහෙත් ඇයට අකුරු කරන්නට පාසලක් එදා මේ රටේ නොතිබුණාය. මේජර් අසංකත් ඉරේෂාත් දියණිය රැුගෙන පාසලක් පාසා යද්දී එකී සෑම තැනකදීම ප‍්‍රතික්‍ෂෙපය මිස අන් දෙයක් සිදු නොවූවේය.

රට වෙනුවෙන් කැපවූ විරු යුවළකට උපන් දියණියකගේ කඳුළු කතාව

මෙහිදී දියණියට අත්වූ ඉරණම පිළිබ`ද සිතා දසදහස් වාරයක් හදවතින් හ`ඩා වැටුණු මේජර් ඉරේෂා සහ අසංක අවසානයේ තීරණයක් ගනු ලැබීය. ඒ අනුව විශේෂ අවශ්‍යතා ඇති දරුවන් රැුකබලා ගැනීම ස`දහා වූ උපාධියක් හදාරණ මේ විරු යුවළ බොහෝ සේ වීරිය ගෙන සිය දියණිය තමන්ගේ රැකවරණය යටතේම තබාගෙන සාමාන්‍ය දරුවකු මට්ටමට සංවර්ධනය කිරීමට පියවර ගත්හ. ඒ වෙනුවෙන් මේජර් ඉරේෂා එතෙක් රට වෙනුවෙන් යුතුකම් ඉටු කළ හමුදා සේවයෙන්ද ඉවත් වුවාය.

රට වෙනුවෙන් කැපවූ විරු යුවළකට උපන් දියණියකගේ කඳුළු කතාව


මේ අතරේ වරක් දියණිය රැුගෙන ඉන්දියාවට යන මේ විරු යුවළ එහිදී ඉන්දියාවේ සිටින ඉහළම වෛi මහාචාර්යවරියකට දියණියව යොමු කරනුයේ හදවතේ රැදි දාරක සෙනෙහස හමුවේය. එහෙත් දැරිය පරීක්‍ෂා කර බලන මහාචාර්යවරිය මේ විරු යුවළගේ හදවත් දහස්වර කම්පා කරවමින් අවාසනාවන්ත හෙළිදරව්වක් කරනුයේ ඔවුන් දෙදෙනා සිහිනෙකින්වත් නොසිතූ පරිදිය. දැරිය පරීක්‍ෂා කරන මහාචාර්යවරිය අනාවරණය කරනුයේ ඉපදීමට පෙර මව්කුසේ සිටියදී මව තුළ ඇතිවූ ප‍්‍රබල කම්පනයක් හේතුවෙන් මේජර් අසංකගේ සහ ඉරේෂාගේ සි`ගිති දියණියට මේ ඉරණම අත්වී තිබෙන බවය. මේ බව ඇසූ ඉරේෂා ඉකිගසා හ`ඩා වැටුණාය. ඒ අතරේ දියණිය කුස දරාගෙන සිටි කාලයේ යුද බිමේදී ලද අත්දැකීම් එකින් එක ඇය සිහි කරන්නට වූවාය. එහිදී මුලින්ම ඇගේ මතකයට ආවේ ඉකුත් 2007 වසරේදී එල්ටීටීඊ ත‍්‍රස්තවාදීන් අනුරාධපුර ගුවන් හමුදා ක`දවුරට එල්ල කළ ප‍්‍රහාරයේදී වූ සිදුවීමකි. එදින අනුරාධපුර යුද හමුදා ක`දවුරේ රාජකාරි කරමින් සිටි මේජර් ඉරේෂා කුස තුළ වැඩෙන දරු ගැබ ගැන සිහින දකිමින් සිටියාය. ඒ මොහොතේ එක්වරම ත‍්‍රස්තවාදීන් යාබදව පිහිටි අනුරාධපුර ගුවන් හමුදා ක`දවුරට එල්ල කළ බෝම්බයක් මහා හ`ඩින් පිපිරී ගියේය. එහිදී ඇතිවූ කම්පනය හමුවේ දිනක් පුරාවටම කුසේ වැඩෙමින් සිටි දියණිය කිසිදු දැ`ගලීමක් නොමැතිව සිටි අයුරු මහා වේදනාවක්ද සමගින් ඇයට මැවී පෙනෙන්නට වූවාය. එසේම දෙවනුව ඇගේ මතකයට ආවේ මේජර් අසංක තුවාල ලැබූ බව ඇසූ මොහොතේ හදවත ගිනි ඇවිලෙන පරිද්දෙන් සිත තුළ හටගත් කම්පනය ය.

 එසේම එදා අවසන් සටනේදී මේජර් ඉරේෂා හමුදා නිලධාරිනියක ලෙස එක් සුවිශේෂී මෙහෙවරකට එක්ව සිටියාය. එය වූයේ යුද බිමේදී සතුරු ප‍්‍රහාරයන්ගෙන් තුවාල ලබන හා මියයන රණවිරුවන් අනුරාධපුරයට රැගෙන ඒමෙන් පසු අවශ්‍ය කටයුතු සිදු කිරීම විය.

 එහිදී දස දහස්වර හදවතින් හ`ඩා වැටෙමින් ගත රැු`දි නිල ඇ`දුම ලෙයින් තෙත් වනතුරුම තුවාල වූ විරුවන්ට පිහිට වන අතරේ සුණු විසුණු වී ගිය විරු මළ සිරුරු කොටස් අතපත ගෑ අයුරුද ඇගේ සිහියට අවාය.

 අවසානයේ යළි මෙරටට පැමිණි මේ විරු යුවළ දහසකුත් කැප කිරීම් සම`ගින් දියණිය උස්මහත් කළාය. ඔවුන්ගේ ඒ කැපකිරීම කොතරම් ආදරණීය එකක් වූයේද කිවහොත් යුද්ධයේ සැ`ගවුණු කතාවක් ලෙස නිහ`ඩ මලක් සේ විශේෂ අවශ්‍යතා සහිතව මෙලොවට බිහිවූ ඉමාෂි ආදිත්‍යා නම් වූ ඒ මල් කැකුළ පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් පවා සමත් කරවීමට තරම් ඔවුහු සමත් වූහ. මෙහිදී සිය දියණියට අකුරු කරවමින් ආදරණීයව දිරිය දුන් නාරාහේන්පිට සුජාතා විදුහලේ විදුහල්පතිනිය සහ ආචාර්ය මණ්ඩලය මෙන්ම පනාගොඩ යුද හමුදා පාසලේ විදුහල්පතිනිය ඇතුළු ආචාර්ය මණ්ඩලයේ සියලූම දෙනාව අප හමුවේ මේ ක`දුළු කතාව කී මේජර් ඉරේෂා දිලානි සිහිපත් කරනු ලැබුවේ හදවතින්ම මතුවූ කෘතවේදීත්වය සම`ගය. කුරිරු යුද්ධයේ නොදුටු ප‍්‍රතිඵලයක් ලෙස නිහ`ඩ මලක් වී මෙලොවට බිහි වුවද මේ අන්දමට සියලූ බාධක පරදා ශිෂ්‍යත්ව කඩඉමද ජයගත් ඉමාෂි ආදිත්‍යා දියණිය අද දවසේ අකුරු කරනුයේ හෝමාගම මධ්‍ය මහා විදුහලේය. ඇය දැන් අට වසරේ ඉගෙන ගන්නීය. ඇයට එහිදීත් විදුහල්පතිනිය ඇතුළු සියලූ දෙනාගෙන් හිමිවී තිබෙනුයේ අසීමිත සෙනෙහසක් බව මේජර් ඉරේෂා අප හමුවේ කීවේ මවක තුළ ඇති නිමා නොවන දරු සෙනෙහස සම`ග ඇසට මතුවූ ක`දුළක්ද සම`ගය. ඉමාෂි ආදිත්‍යා දියණිය මෙසේ ජීවිතය ජය ගනිමින් සිටියදී මීට මාස කිහිපයකට ඉහතදී ආචාර්ය පේ‍්‍රමලාල් ගීතදේව මහතාට මේ කතාව දැන

 ගැනීමට ලැබෙනුයේ නොසිතූ අවස්ථාවකය. එහෙත් ඒ තුළ තිබෙන සංවේදී බව හමුවේ ඔහු ඉමාෂි දියණියගේ කතාව ගීතයක් බවට පත්කරනුයේ මේ විරු යුවළට හාන්කවිසියක්වත් නොදැනෙන ආකාරයටය. අවසානයේ එයට තනුවක්ද යොදන ඔහු මේජර් අසංක හා ඉරේෂා යුවළ සම`ග ඉමාෂි දියණිය එක්කරගෙන ප‍්‍රභාකරන් අප ඉදිරියට ගෙන ආ කුරිරු යුද්ධයේ සැ`ගවුණු කතාවක් ගී සිතුවමක් සේ ලෝකය ඉදිරියට ගෙන එන්නට සමත් වන්නේය. එහිදී එකී ගීතය ළයාන්විතව ගායනා කරනු ලබන්නේද ඉමාෂි දියණියගේ මව වූ මේජර් ඉරේෂා දිලානිය. එහෙත් අද දවසේ බරපතළ ගැටලූව බවට පත්ව තිබෙන්නේ ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට වී මේ රටට එරෙහිව බයිලා කියන මිචෙල් බැචලට් වැනි අයට වේලූපිල්ලේ ප‍්‍රභාකරන්ගේ ත‍්‍රස්තවාදය නිසා ඉරේෂා දිලානි වැනි මව්වරුන් පියවරුන් හදවතින් හ`ඩා වැටෙන දහසකුත් සැ`ගවුණු කතා අදටත් මේ බිමේ තිබෙන බව නොවැටහීම නොවේද?

 සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment