රට සල්ලි පන්නද්දී අල්ලයි ගුවන්තොටේදී 5දෙනෙක් අත්අඩංගුවට

235

රුපියල් මිලියන 42කට ආසන්න විදේශීය මුදල් මෙරටින් පිට කිරීමට තැත් කළ සංවිධානාත්මක කණ්ඩායමක් අත්අඩංගුවට ගැනීමට කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ රේගු නිලධාරීහු පෙරේදා (19 වැනිදා) සමත් වූහ.

පෙරේදා (19 වැනිදා) ැපසර්එැි ගුවන් සේවයට අයත් ෑණ 649 දරන ගුවන් යානයෙන් ඩුබායි බලා යෑමට තැත්කිරීමේදී රේගු නිලධාරීන් විසින් මෙම කණ්ඩායම අත්අඩංගුවට ගත් බවත් ඔවුන් අතර කාන්තාවන් තිදෙනකු හා පිරිමි පුද්ගලයන් දෙදෙනකු සිටින බවත් රේගු මාධ්‍ය ප‍්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ (නීති කටයුතු) සුදත්ත සිල්වා මහතා පැවසීය.

රට සල්ලි පන්නද්දී අල්ලයි ගුවන්තොටේදී 5දෙනෙක් අත්අඩංගුවට

මොවුන්ගේ ගමන්මලූවල ඉතා සූක්‍ෂම ලෙස අසුරා තිබූ ඇමරිකානු ඩොලර් 22300ක්, යුරෝ 63500ක්, ස්ටර්ලින් පවුම් 8725ක්, සවුදි රියාල් 292000ක් හා ඩිරාම් 75000ක් පමණ රේගු නිලධාරීන් විසින් සොයා ගන්නා ලද බව ද සුදත්ත සිල්වා මහතා කියා සිටියේය.

ශ‍්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් දීර්ඝ කාලයක් තිස්සේ සිදුකරන ලද විමර්ශනයක ප‍්‍රතිඵලයක් ලෙස මෙම කණ්ඩායම අත්අඩංගුවට ගැනීමට හැකිවූ බවත් අත්අඩංගුවට ගත් සැකකරුවන් පිළිබඳ විමර්ශන කටයුතු සිදු කෙරෙමින් පවතින බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

ප‍්‍රභාත් විතාන, ගුවන්තොටුපළ ටී. කේ. ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment