රට හතර වට ඇද හැලෙන මහ වැසි

292

* රන්දෙනිගල හා රන්ටැඹේ වාන් දොරටු ස්වයංක‍්‍රීයව විවෘත වෙයි
* මිනිපේ අමුණ ආසන්නයෙන් ගංවතුර අවදානමක්

පවතින දැඩි වර්ෂාපතන තත්වය හේතුවෙන් රන්දෙනිගල හා රන්ටැඹේ ජලාශ උපරිම ජල මට්ටම දක්වා පැමිණ තිබීමත් සමඟ ජලාශයන් හි වාන් දොරටු ස්වයංක‍්‍රීයව වරින් වර විවෘත වීම හේතුවෙන් විශාල ජල ධාරිතාවක් මහවැලි ගඟට මුදා හරින බැවින් ජලාශවලට පහලින් ගඟ පරිහරණය කරන ජනතාව විමසිල්ලෙන් හා පරීක්ෂාකාරී වන ලෙස රන්දෙනිගල ජලාශ කාර්ය භාර ඉන්ජිනේරු ඞී.එම්. ධර්මදාස මහතා පවසයි.

රට හතර වට ඇද හැලෙන මහ වැසි

ඊයේ (08) රන්දෙනිගල ජලාශයේ වාන් දොරටු 01ක් මීටර් 2.5ක් උසට ස්වයංක‍්‍රීයව විවෘත වී ඇති අතර ඉන් තප්පරයට ඝන මීටර් 400ක ජල කඳක් මුදා හැරිණි. තවද රන්ටැඹේ ජලාශයේ වාන් දොරටු දෙකක් මීටර් 01 බැගින් ස්වයංක‍්‍රීයව විවෘත වු අතර ඉන් තප්පරයට ඝනන මීටර් 600 ක ජල කඳක් මහවැලි ගඟට මුදා හැරිණි.

රංදෙනිගල හා රංටැඹේ ජලාශවලින් නිකුත් කරන අධික ජල ප‍්‍රමාණය හේතුවෙන් මිනිපේ අමුණ ආසන්නයෙන් මිණිපේ යෝධ ඇළ ස`දහා ජලය ලබා  ගැනීමට ඉදිකර ඇති තාවකාලික ගේට්ටුව කැඞී යාමේ අවධානමක් පෙරේදා (07) දින ඇති විය. ඒ හේතුවෙන් මිණිපේ යෝධ ඇළ දිගේ විශාල ජල ක`දක් පැමිණ ඒ අවට ගම්මාන ස`දහා ගංවතුර තත්ත්වයක් ඇති වීමට ඉඩ කඩ තිබු අතර එය වැළැක්වීම ස`දහා වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා මිනිපේ වම්ඉවුර පුනරුත්ථාපන ව්‍යාපෘති නිලධාරින් එක්ව යෝධ ඇළේ එක් ස්ථානයක වැලි කොට්ට දමා ඇළ හරස් කර ඇළ දිගේ පැමිණෙන විශාල ජල කඳ මහවැලි ගඟට මුදා හැරීමට හැකි වන පරිදි සකස් කෙරිනි. ඒ සමඟම අමුණ ආසන්නයේ තාවකාලික ගේට්ටු අසල සිදු වූ ජල කාන්දුවද සකස් කිරීම හේතුවෙන් ගංවතුර අවදානම අවම කිරීමට කටයුතු කෙරිනි.

මහියංගණ – රංජිත් කරුණාවීර


ගිරිඋල්ල කුඩගම්මන පාර ජලයෙන් යටවී…

රට හතර වට ඇද හැලෙන මහ වැසි



අලව්ව ප‍්‍රදේශයට (07දා) ඇදහැලූනු ධාරානිපාත වර්ෂාවෙන් කුඩා ඔය පිටාර ගැලීම නිසා විල්ගමුව, පැලවත්ත, ගල්ගමුව දකුණ, කුඩගම්මන ඇතුළු ප‍්‍රදේශ ගණනාවක් ජලයෙන් යටවී ගොස් ඇති අතර අලව්ව, ගිරිඋල්ල මාර්ගයේ කුඩගම්මන ප‍්‍රදේශයේ මාර්ගය ජලයෙන් යටවී ඇති නිසා රථවාහන ගමනාගමනය සම්පූර්ණයෙන් අඩාල වී තිබේ. කුඹුරු හා ගොඩ ගොවිතැන් ජලයෙන් යටවී ඇති අතර කුඩගම්මන ජලයෙන් යටවී ඇති මාර්ගයේ යතුරුපැදියක් ධාවනය කිරීමට ගොස් යතුරුපැදිකරු යතුරුපැදියක් සමඟ සැඩ පහරට හසුවී මාර්ගයේ වළකට වැටී සිටියදී තරුණයින් පිරිසක් විසින් යතුරුපැදිකරු බේරාගන්නා අයුරු ඡුායාරූපයෙන් දැක්වේ.


හදුගොඩ නිවාස දෙකක් මතට  පස් කණ්ඩියක් කඩා වැටිලා…

රට හතර වට ඇද හැලෙන මහ වැසි

ධාරාණිපාත වර්ෂාවත් සමග පස් කණ්ඩියක් කඩාවැටීමෙන් හබරාදුව හදුගොඩ ප‍්‍රදේශයේ නිවාස දෙකකට දැඩි ලෙස අලාභ හානි වී ඇති බැව් හබරාදුව ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය පවසයි.

ඊයේ (07) පස්වරුවේ පස් කණ්ඩිය නිවාස දෙක මතට කඩා වැටී ඇති අතර එක් නිවසකට දැඩිලෙස අලාභ හානි වී ඇත. නිවෙස්වල සිටි නිවැසියන්ට කිසිදු අනතුරක් වී නැති අතර අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් හබරාදුව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස බල ප‍්‍රදේශයේ නිවාස 10කට පමණ අර්ධ හානි වී ඇති බැව් හබරාදුව ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය පවසයි.

ලලිත් චාමින්ද සහ එස්.කේ. කළුආරච්චි ගාල්ල හිනිදුම රවීන්ද්‍ර චන්ද්‍රලාල්


මන්නාරම විඩත්තල්තීව් ධීවර නිවාස 67ක්  ජලයෙන් යටවෙලා – ධීවර බෝට්ටු මුහුදට ගසාගෙන යයි

රට හතර වට ඇද හැලෙන මහ වැසි

අධික වර්ෂාව නිසා මන්නාරම විඩත්තල්තීව් දූපතේ ධීවර නිවාස 67 ක් ජලයෙන් යට වී ඇති අතර පුද්ගලයින් 329 දෙනෙකුට එම නිවාස වල ජීවත් වීමට නොහැකි තත්ත්වයක් 8 දා වන විට උද්ගත වී තිබේ. විඩත්තල්තීව් දූපත හරහා හමාගිය දැඩි සුළගට හසු වී ධීවරයින්ගේ බෝට්ටු හතකට දැඩි අලාභහානි සිදුව ඇති අතර බෝට්ටු දෙකක් සුළ`ගට හසු වී මුහුදට ගසා ගෙන ගොස් තිබේ.

රට හතර වට ඇද හැලෙන මහ වැසි

මෙම වැසියන් සියලූ‍ම දෙනා විඩත්තල් දූපතෙන් ඉවත් කොට මන්නාරමේ වෙනත් ආරක්ෂිත ස්ථානයකට මාරු කිරීමට පියවර ගෙන ඇති අතර විපතට පත් පුද්ගලයින්ට ආහාර ඇතුලූ‍ සියලූ‍ම පහසුකම් ලබා දීමට පියවර ගෙන තිබේ.

මන්නාරම ඇතුලූ‍ උතුරු ප‍්‍රදේශයට 7 වෙනිදා අලූ‍යම සිට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව තවමත් ඒ ආකාරයටම ඇද හැලෙමින් පවතී.

දිනසේන  රතුගමගේ

රට හතර වට ඇද හැලෙන මහ වැසි
advertistmentadvertistment
advertistmentadvertistment