රට හමුවේ ඇති එක්ව ජය ගත යුතු අභියෝගය !

193

කොරෝනා වසංගත තත්ත්වයේ බලපෑම්වලට තවමත් රටටත් ජනයාටත් මුහුණ දීමට සිදු වී ඇත. ඒ අතරම රජයේ තීන්දු තීරණ ගැනීමේ බලවත් දුර්වලතා නිසා ද මේ වන විට අනවශ්‍ය ප‍්‍රශ්න රැසක් උද්ගත වී තිබේ. මේ නිසා මහජනතාවට කොරෝනා වසංගතයේ පීඩාවන්ට අමතරව තවත් පීඩාවන් රැුසකට මේ වන විට මුහුණ දීමට සිදුවීමෙන් ඔවුහු බලවත් අසහනයකට මුහුණ දී සිටිති. මේ පසුබිම තුළ මේ දිනවල ආණ්ඩුවට හොඳක් කියන කෙනෙක් නම් සොයා ගැනීමට ඉතාම අපහසුය. සෑම බඩුවකම පාහේ මිල ගණන් ඉහළ ගොස් තිබේ. ඒ මදිවාට භාණ්ඩ හි`ගයක් ද තිබේ. මුදල් ගෙවා බඩු මිලදී ගෙන එන ගෘහණියට ඒවා උයන්නට වන්නේ මරණ බයෙනි. කොයි මොහොතේ ගෑස් ලිප පුපුරා යයි ද කියා රටේ සෑම නිවසකම ඉමහත් භීතියක් ඇතිව තිබේ. මෙය මෙතෙක් කල් නොතිබුණු අනවශ්‍ය අලූත් ප‍්‍රශ්නයකි. මේ වන විට රට පුරාම ගෑස් අනතුරු සිදු වෙමින් තිබේ. ගෑස් සමාගම් මුලදී ගෑස් ලිප හා එහි උපාංගවල ප‍්‍රමිතියේ ප‍්‍රශ්න මතු කළත් මේ වන විට ගෑස් සංයුතියේ ඇති කළ වෙනස්කම් නිසා මේ අනතුරු සිදු වී ඇති බවට බලවත් චෝදනා එල්ල වී ඇත. මේ නිසා මේ ගෑස් ප‍්‍රශ්නයට සැබෑ වගකිව යුත්තන් සොයා ඔවුන්ට එරෙහිව වහාම පියවර ගතයුතුව තිබේ. මේ ගෑස් අනතුරුවලට මුහුණ දුන් අයට සහ නිවෙස්වලට වන්දි ලබා දීමට ද වහාම වැඩපිළවෙළක් අවශ්‍ය වේ. එසේම රට මුහුණ දී සිටින විදේශ විනිමය අර්බුදය සමනය වෙමින් තිබෙන බව මහ බැංකුව පැත්තෙන් අසන්නට ලැබුණත් අනිත් සෑම අංශයකින්ම අසන්නට ලැබෙන්නේ රටේ විනිමය ප‍්‍රශ්නය තවත් උත්සන්න වී ඇති බවයි.

රට හමුවේ ඇති  එක්ව ජය ගත යුතු අභියෝගය !

 ආණ්ඩුවටම සම්බන්ධ බොහෝ අයම ප‍්‍රසිද්ධියේ නොකීවත් අපත් සමග කතා කිරීමේ දී පවසන්නේ ආණ්ඩුවට වැරදුණු තැන් බොහොමයක් ඇති බවයි. කඩිමුඩියේ රසායනික පොහොර ගෙන්වීම තහනම් කිරීම මින් එකකි. එක රැුයෙන් කාබනික කෘෂිකර්මයට ගමන් කිරීම ප‍්‍රායෝගිකව කළ නොහැකි දෙයක් බව තේරුම් ගැනීමට කෘෂිකර්ම විශේෂඥයෙකු හෝ ආර්ථික විශේෂඥයෙකු විය යුතු නැත. එය රජයට නොතේරුණාට ඕනෑම සාමාන්‍ය බුද්ධියක් ඇති අයෙකුට වුවද වැටහෙන දෙයකි. දැන් රට පුරා ගොවීන් මේ පොහොර ප‍්‍රශ්නය නිසා ඉමහත් දුෂ්කරතාවකට මුහුණ දී සිටිති. පොහොර නොමැති වීම නිසාත්, ලබාදී ඇති කාබනික පොහොරවල ප‍්‍රමිතියේ ප‍්‍රශ්න නිසාත් අස්වැන්න අඩු වීමේ අවදානමක් ද ඇතිව තිබේ. මේ නිසා පිටරටින් ගෙනෙන බඩු පමණක් නොව මේ රටේ වවාගෙන කන එළවළු ඇතුළු ආහාර ද්‍රව්‍ය ටික පවා දැනටමත් මිල අධික වී ඇත. ඉදිරියේ දී මේවා තවත් මිල අධික වීමට අමතරව අස්වැන්න අඩු වී මේවා සැපයුම අඩු වීමෙන් ආහාර අර්බුදයක් පවා ඇති විය හැකි බවට ද විද්වතුන් අදහස් දක්වා ඇත. මෙය අප නම් සිතන්නේ මේ ලෝක වසංගතය අවස්ථාවේ ආණ්ඩුව විසින් බලෙන්ම ඇති කරගත් අනවශ්‍ය ප‍්‍රශ්නයක් බවයි. මෙලෙස ආණ්ඩුවට වැරදුනු තැන් බොහොමයක් තිබුණත් ඒවා නිවැරදි කර ගැනීමේ වුවමනාවක් හෝ දකින්නට නැත. කෙසේ වෙතත් කාබනික පොහොර ප‍්‍රශ්නය වඩා උග‍්‍රවීම නිසා රජය විසින් නිකුත් කළ රසායනික පොහොර ආනයනය තහනම් කිරීමේ ගැසට්ටුව නම් රිවස් කර තිබේ. ඒ අනුව එම රසායනික පොහොර තහනම තරමක් ලිහිල් කිරීමට ආණ්ඩුවට සිදුව තිබේ. එහෙත් ගොවි ජනයාට සිදු වූ අපහසුතාවල නම් අඩුවක් නැත. කෙතරම් මහජනයා පීඩාවට පත් වුවද ආණ්ඩුවට ඒ පිළිබඳ එතරම් සංවේදීතාවක් ඇති බවක් ද දක්නට නැත. කොරෝනාවට අමතරව ආණ්ඩුවේ වැරදි සහ අඩුපාඩු හැකිතාක් අවම කර ගැනීමට පියවර ගන්නා ලෙස අපි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගෙන් සහ රජයේ සියලූම බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමු. රටේ සිදුවෙමින් පවතින ඇතැම් සිදුවීම්වලින් පැහැදිලි වන්නේ ආණ්ඩුවට වැරදුනු තැන් බොහෝමයක් ඇති බවයි. ඒවා ඉබේම සිදු වූ අත්වැරදීම් ලෙස ද සැලකිය නොහැකිය. පොහොර ප‍්‍රශ්නය, ගෑස් ප‍්‍රශ්නය, බඩු මිල ප‍්‍රශ්නය සහ චීනයෙන් කාබනික පොහොර ගෙන්වා ඇතිකරගත් ප‍්‍රශ්නය ඇතුළු බොහෝ ප‍්‍රශ්න සැලකූ විට පෙනෙන්නේ ඒවා පොදුවේ ආණ්ඩුව හෝ ආණ්ඩුවේම බලධාරීන් විසින් ඇති කරගත් ප‍්‍රශ්න බවයි. එහෙත් අප විසින් විනිමය අනුපාතය දිගටම රු. 203 ක මට්ටමේ කෘති‍්‍රම ලෙස තබා ගැනීම ඇතුළු මහ බැංකුවේ තවත් ඇතැම් ක‍්‍රියාමාර්ග, අප රටට ලැබෙමින් තිබූ විශාල විදේශ විනිමයක් නොලැබී යෑමට හේතු වී ඇතැයි ඇතැම් ආර්ථික හා මූල්‍ය විශේෂඥයින් පවසන කරුණකි. විදේශ සේවකයින්ගෙන් විධිමත් මාර්ග ඔස්සේ පේ‍්‍රෂණ ලබාගත හැක්කේ ඔවුන්ට දැඩි බලපෑම් කිරීමෙන් නොව ඔවුන්ට වැඩි ප‍්‍රතිලාභ අත් කර දීමෙනි. ඒවා ඔවුන්ගේ මුදල්ය. ඔවුන් කිසියම් පීඩනයකට පත් කිරීමෙන් සිදුවනු ඇත්තේ ඔවුන් විධිමත් මාර්ග ඔස්සේ තව තවත් මුදල් එවීමෙන් වැළකී සිටීමයි. ඇතැම් අයට අවශ්‍ය නම් ඔවුන් සතු විදේශ මුදල් ඉතුරුම් ශ‍්‍රී ලංකාවට එවන්නේ නැතුව කිසියම් කාලයක් එරටම තබාගෙන සිටිය හැකිය. දැන් තිබෙන්නේ යථාර්ථවාදී සැබෑ විනිමය අනුපාතයක් නොවන බව ද ඔවුන් හොඳටම දන්නා කාරණයකි. මේ නිසා මහ බැංකුවේ මැදිහත් වීම නොවන්නට අනාගතයේ දී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ‍්‍රී ලංකා රුපියල තවත් සැලකිය යුතු ලෙස පිරිහෙනු ඇති බවට විදෙස්ගත ඇතැමුන් තුළ ආකල්පයක් තිබේ. ඒ නිසා අනාගතයේ වැඩි රුපියල් වටිනාකමක් ලබා ගැනීමේ අරමුණින් ද ඇතැම් අය මෙරටට තම විදේශ මුදල් ඉතුරුම් එවීමෙන් වැළකී සිටිති. මේ නිසා මේ අමාරු අවස්ථාවේ අවශ්‍ය කරන්නේ එම විදෙස්ගත ශ‍්‍රී ලාංකික ප‍්‍රජාවට වැඩි ප‍්‍රතිලාභ ලබා දී ඔවුන්ගේ සහාය හා දායකත්වය ද ඇතිව මෙරටට විදෙස් විනිමය පේ‍්‍රෂණ ලබා ගැනීමේ ක‍්‍රමවේදයකි. වැඩිපුර ඇමෙරිකානු ඩොලරයකට රු.10 ක් දීම ප‍්‍රමාණවත් වනු ඇතැයි සිතිය නොහැකිය. විදෙස්ගත ප‍්‍රජාවේ සාමාජිකයින් සමග දුරකථනයෙන් කතා කිරීමේදී මහ බැංකුව කියන විශ‍්‍රාම වැටුප් ක‍්‍රම ඇතුළු වෙනත් ප‍්‍රතිලාභ ගැන ද එම විදෙස්ගත ශ‍්‍රමිකයන්ට තවමත් එතරම් විශ්වාසය තහවුරු වී ඇති බවක් නොපෙනේ. එම මහ බැංකුවේ ප‍්‍රචාරක ව්‍යාපාර බොහෝ දුරට සිදු කරන්නේ මෙරටය. එහෙත් ඒ ගැන එම විදෙස්ගත ශ‍්‍රමිකයන්ට විශ්වාසය තහවුරු වන පරිදි සිදු කෙරෙන නිසි සංනිවේදන වැඩපිළිවෙළක් ද අවශ්‍ය වේ. එවැන්නක් නැතැයි ද ඔවුහු චෝදනා කරති.

 විනිමය අර්බුදයේ අලූත් තත්ත්වය අනුව අපගේ විදේශ සංචිතය තවදුරටත් පහත වැටී ඇත. ඉදිරියේදී සිදු කිරීමට තිබෙන ණය ගෙවීම් සමග මේ සංචිතය තවදුරටත් පහත වැටෙනු ඇත. මේ වන විට විදේශ විනිමය සංචිතය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.1 දක්වා සැලකිය යුතු ලෙස පහත වැටී ඇත. එසේම දළ නිල සංචිත ප‍්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 1587 දක්වා පහත වැටී ඇත. එහෙත් එහි රන් සංචිත ප‍්‍රමාණය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සංචිත ශේෂය අඩු කළ විට ඉතුරු වන ද්‍රවශීල සංචිත ප‍්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.1 දක්වා කලින් සඳහන් කළ පරිදි පහත වැටේ. ලබන මාසයේ මැද දී ඇමෙරිකානු ඩොලර් මිලියන 500 ක ණයක් පියවීමට තිබේ. මීට අමතරව මාසිකව විශාල ආනයන වියදමක් දැරීමට තිබේ. අපනයන ආදායම් වර්ධනය වී තිබුණත් ඊට වඩා වැඩි වේගයකින් ආනයන වියදම් වර්ධන වෙමින් තිබෙන නිසා වෙළෙද හිඟය ද වර්ධන වෙමින් තිබේ. ඒ නිසා අපට ඉදිරියේ දී විශාල විදේශ විනිමය ලැබීමක් නොමැති වුවහොත් අපට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය එනම් ඛනිජ තෙල්, බෙහෙත් සහ ආහාර ද්‍රව්‍ය යනාදිය ද මිලදී ගැනීමට පවා ඩොලර් හිඟවනු ඇත.

 මේ නිසා අප සිතන්නේ ඩොලර් ප‍්‍රශ්නය විසඳීම සඳහා අනුගමනය කරමින් සිටින රජයේ සහ මහ බැංකුවේ ප‍්‍රතිපත්තිවල දුර්වලතා ඇති බවයි. එම ප‍්‍රතිපත්තිවලින් පසු රටට ලැබෙමින් තිබුණු ඇතැම් විදේශ ලැබීම් පවා තවත් අඩු වීම ගැන බරපතළ ලෙස සැලකිය යුතුව තිබේ. එනම් විදේශ විනිමය පේ‍්‍රෂණ ගැන සඳහන් කරන්නේ නම් ගිය වසරේ (2020* ඔක්තෝබර් මාසයේ අපට ලැබුණු විදේශ විනිමය පේ‍්‍රෂණ ප‍්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 630.7 කි. එම ප‍්‍රමාණය මේ වසරේ (2021* ඔක්තෝබර් මාසයේ දී ඇමෙරිකානු ඩොලර් මිලියන 317.4 ක් දක්වා සැලකිය යුතු ලෙස අඩු වී තිබේ. මේ ප‍්‍රශ්නයට නීතියෙන් හෝ නියාමන ක‍්‍රියාමාර්ගවලින් පමණක් විසඳුමක් නොලැබෙනු ඇති බව මේ ලියුම්කරුගේ අදහසයි.

 මහ බැංකුව රුපියල රැුක ගැනීම සඳහා දේශීය විදේශ විනිමය වෙළෙඳපොළට දිගටම මැදිහත්ව තිබේ. මේ අනුව දේශීය විදේශ විනිමය වෙළෙඳපොළේ දී ශ‍්‍රී ලංකා රුපියලේ ස්ථාවර අගය රැුක ගැනීම වෙනුවෙන් ශ‍්‍රී ලංකා මහ බැංකුව දැඩි මැදිහත්වීමක් සිදුකර ඇති බව වාර්තා වේ. මේ සමග ඇති වගුව බලන්න. ඒ අනුව පසුගිය නොවැම්බර් මාසය තුළ දී දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් ඇමරිකානු ඩොලර් මිලියන 61.71 ක් මහ බැංකුව මිල දී ගෙන තිබෙන නමුත් නොවැම්බර් මාසය තුළ දීම මහ බැංකුව සතුව තිබූ ඩොලර් මිලියන 372.35 ක විදේශ විනිමය ප‍්‍රමාණයක් විකුණා ඇත. මේ අනුව ශුද්ධ වශයෙන් ඩොලර් මිලියන 310.64 ක් මහ බැංකුව විසින් දේශීය විදේශ විනිමය වෙළෙඳපොළේ අලෙවි කොට ඇත. එහෙත් සැබෑ ලෙසම අපේ රුපියල ශක්තිමත් කරගත හැක්කේ අපගේ විදේශ විනිමය ලැබීම් වර්ධනය කර ගැනීමෙනි. සංචාරක ආදායම්, විදේශ විනිමය පේ‍්‍රෂණ, විදේශ ආයෝජන සහ අපනයන ආදායම් වර්ධනය කරගනිමින් අපට තිරසාර ලෙස විනිමය අර්බුදයට විසඳුම් ලබාගත හැකිය. ඒ සඳහා යම් කාලයක් ගත වේ. එහෙත් එතරම් කාලයක් බලා සිටිය නොහැකි බලවත් විනිමය අර්බුදයක් මේ මොහොතේ අප හමුවේ තිබේ. ඒ නිසා අපට ඉතා ඉක්මනින් ණය වීමෙන් හෝ වහාම සැලකිය යුතු විදේශ විනිමය ප‍්‍රමාණයක් සොයා ගැනීමට සිදුව ඇත. මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ඉන්දියාවට ගොස් මූල්‍යමය සහය ඉල්ලා ඇත්තේ මේ නිසාය.

 මේ අනුව ජනාධිපතිවරයාගේ සිට රජයේ සියලූ දෙනාට කිව යුත්තේ මේ ආර්ථික හා විනිමය අර්බුදය විසඳාගත හැක්කේ සාමූහික ප‍්‍රයත්නයකින් බවයි. ජනයාට රට හමුවේ ඇති ඇත්ත තත්ත්වය කියා ඔවුන්ගේ සහාය හා දායකත්වය ද ලබාගත යුතු වේ. රට හමුවේ ඇත්තේ සියලූ දෙනා එක්ව ජයගත යුතු අභියෝගයකි. ආණ්ඩුවට වැරදුණු තැන් දැන්වත් නිහතමානීව තේරුම් ගෙන එම වැරදි අඩුපාඩු නිවැරදි කරගෙන ජනයාට ඇති පීඩනය අවම වන පරිදි රජය ක‍්‍රියා කළ යුතු වේ. එසේ නොකිරීමෙන් රටත්, ජනයාත් දිනෙන් දින තව තවත් අමාරු තත්ත්වයට ඇදවැටෙනු ඇත. එහි වගකීමෙන් මිදීමට ද රජයට නොහැකි වනු ඇත. මේ රජයට, මේ රටේ අතිමහත් බහුතර ජනයා තුනෙන් දෙකකට ආසන්න අතිවිශාල ජනවරමක් ලබා දුන්නේ මෙලෙස කටයුතු කිරීමට නොවේ. රජය දැන් කටයුතු කරගෙන යන ආකාරය අනුව ඒ මහජන විශ්වාසය මේ වන විට බොහෝ පළුදු වී ඇති බව ද රහසක් නොවේ.

 ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment