රට හරි මගට ගන්න රනිල් වැඩ කරාවි – මහින්ද රාජපක්ෂ

454

රටේ ජනතාව මුහුණදී සිටින ප්‍රශ්නවලට කඩිනමින් විසඳුම් ලබාදී රට යහපත් මගකට ගැනීමට නව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වහා පියවර ගනු ඇතැයි තමා විශ්වාස කරන බව හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

ඒ අනුව නව ජනාධිපතිවරයා ගන්නා තීරණවලදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සම්පූර්ණ සහයෝගය ලබා දෙන බව ද ඒ මහතා කීය. මෙම ජයග්‍රහණයට තමා සුබ පැතුම් එක් කරන බවත් වැදගත්ම දේ ජනතා ප්‍රශ්න විසඳා රට නිවැරදි මාවතට ගැනීම බවත් ද මහින්ද රාජපක්ෂ මහතා තවදුරටත් පැවසීය.

නෝමන් පලිහවඩන
 

advertistmentadvertistment
advertistmentadvertistment