රණවිරු ස්මාරකයට සැමරුම් ජනපති සහ හිටපු අගමැති මහින්ද වෙතින් පුෂ්පෝහාර

234

13 වැනි ජාතික රණවිරු සැමරුම් උත්සවය ඊයේ (19දා) පෙරවරුවේ බත්තරමුල්ල ජාතික රණවිරු ස්මාරකය අබියසදී පැවැත්විණි.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගි විය. ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික), මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් ජගත් අල්විස් (විශ්‍රාමික), ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ, පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් රංජන් ලමාහේවා (විශ්‍රාමික), රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) ඇතුළු ත්‍රිවිධ හමුදා නිලධාරීන් මෙන්ම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීහු ද මෙම සැමරුම් උත්සවය සඳහා සහභාගි වූහ.

රණවිරු ස්මාරකයට සැමරුම් ජනපති සහ හිටපු අගමැති  මහින්ද වෙතින් පුෂ්පෝහාර

ආරක්ෂක අමාත්‍යාංශයේ සහ යුද්ධ හමුදා මූලස්ථානයේ සම්බන්ධීකරණය මත රණවිරු සේවා අධිකාරිය විසින් සංවිධානය කරන ලද මෙම ජාතික රණවිරු සැමරුම් දින උත්සවය පෙරවරු 7.30 ට ආරම්භ විය.

2009 මැයි මාසයට පෙර එල්ටීටීඊ ත්‍රස්තවාදීන් සමඟ පැවැති කුරිරු යුද්ධයේදී මාතෘ භූමියේ ඒකීයභාවය සහ ස්වෛරීභාවය ආරක්ෂා කිරීම උදෙසා සිය ජීවිත පූජා කළ යුද්ධ හමුදාවේ (23,962), නාවික හමුදාවේ (1160), ගුවන් හමුදාවේ (443), පොලිසියේ (2598) සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ (456) වීරෝදාර රණවිරුවන් මෙම රණවිරු සැමරුම් උත්සවයේදී සිහිපත් කළහ.

රණවිරු සැමරුම් උත්සවයේ වැදගත්ම අවස්ථාව සනිටුහන් කරමින් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මානුෂිය මෙහෙයුමේදී දිවිපිදූ වීරෝදාර රණවිරුවන් වෙත ප්‍රථමයෙන් පුෂ්පෝපහාර පුදකරනු ලැබීය. ඉන් අනතුරුව, ආරක්ෂක ලේකම්, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති, නාවික හා ගුවන් හමුදාධිපතිවරුන්, පොලිස්පති, රණවිරු සේවා අධිකාරියේ සභාපති, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු එක්ව එම වීරෝදාර රණවිරුවන් වෙත පුෂ්පෝපහාර පුදකිරීම සිදු කළහ.

advertistmentadvertistment
advertistmentadvertistment