රතන හිමිට, රහීම්ට ආණ්ඩු පක්‍ෂයේ අසුන් දෙන්න… නලීන් බණ්ඩාර ඉල්ලයි

226

අතුරලියේ රතන හිමි සහ ඒ. ඒ. එස්. එම්. රහීම් යන මන්ත‍්‍රීවරුන් විපක්‍ෂයේ ඉදිරිපෙළ අසුන්වල සිටියද ඔවුන් ආණ්ඩුව සමග එක්ව කටයුතු කරන බැවින් ඔවුනට ආණ්ඩු පක්‍ෂයෙන් අසුන් පනවන්නැයි විපක්‍ෂ මන්ත‍්‍රී නලින් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ 23 දා ඉල්ලීමක් කළේය.

විපක්‍ෂයේ සිටියද ඔවුන් ආණ්ඩුවේ ඔත්තුකරුවන් වැනි යැයි කී මන්ත‍්‍රීවරයා මෙම ප‍්‍රශ්නය විසඳා දෙන්නැයි කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.

එහිදී රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර මහතා කියා සිටියේ පක්‍ෂ නායකයින් සඳහා ඉදිරිපෙළ අසුන් ලබා දෙන අතර ඔවුන් ආණ්ඩුවට හෝ විපක්‍ෂයට තල්ලූ කිරීමට නලින් බණ්ඩාර මන්ත‍්‍රිවරයාට අයිතියක් නැති බවයි. නලින් බණ්ඩාර මන්ත‍්‍රිවරයා ස්වාධීන වුවහොත් ඔහුටද මුල්පෙළ අසුනක් හිමිවන බවත් එය සාම්ප‍්‍රදායක් බවත්ය. .

ආණ්ඩුවට පක්‍ෂව ඡුන්දය දුන් මුස්ලිම් මන්ත‍්‍රීවරුන්ට වෙන වෙනම ආසන පනවන ලෙස තමන් කලින් කළ ඉ්ලලීම අනුව වෙනම අසුන් පැවරූ පරිදි ඔවුන් දෙදෙනාටද වෙනම ආසන පනවන්නැයි විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා ඉල්ලීමක් කළේය.

පසුගිය රජය සමයේ දෙමළ ජාතික සන්ධානය විපක්‍ෂයේ සිට විපක්‍ෂ නායක ධුරයද දරමින් ආණ්ඩුව සමග එක්ව ඡුන්ද ප‍්‍රකාශ කළ ආකාරය සිහියට නගා ගන්නැයි මෙහිදී සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා විපක්‍ෂයට කියා සිටියේය.

අකිත පෙරේරා, රනිල ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment