රතන හිමි කොඩියෙන් නෙරපයි

421

අපේ ජනබල පක්ෂයේ (කොඩි සලකුණ) පාර්ලිමේන්තු මන්තී‍්‍ර පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පක්ෂයෙන් නෙරපා හැරීමට එම පක්ෂය තීරණය කර තිබේ.

එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය හා මධ්‍යම කාරක සභාව රැස්වී මෙම තීරණය ගෙන ඇත.

අපේ ජනබල පක්ෂයේ විනය මණ්ඩලය විසින් චෝදනා 4කට රතන හිමියන් වරදකරු බවට තීරණය කර ඇත. එම තීරණය පක්ෂ දේශපාලන මණ්ඩලය හා මධ්‍යම කාරක සභාව අනුමත කර රතන හිමියන්ව පක්ෂයෙන් නෙරපීමට තීරණය කර තිබේ.

පක්ෂයෙන් මෙම තීරණය ඊයේ (16 දා) මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දීමට පියවර ගෙන ඇත.

රතන හිමියන් පාර්ලිමේන්තුවට පත් වූයේ අපේ ජනබලවේගය පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්තී‍්‍ර ධුරයටය.

චතුර පමුණුව
 

advertistmentadvertistment
advertistmentadvertistment