රත්ගම රත්කළ හදිසි මෙහෙයුම

107

පාතාල හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ හඳුනාගත් නිවාස 15ක් වටලයි
වරෙන්තු නිකුත් කොට තිබූ ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයකුගේ මව අත්අඩංගුවට
නීති විරෝධී මත්පැන් හා මත්කුඩු ද හමුවෙයි

පාතාල ක්‍රියාකාරකම්වලට හා මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ සාමාජිකයින්ගේ නිවාස පරීක්ෂා කිරීමේ විශේෂ මෙහෙයුමක් යුද හමුදාව හා පොලිසිය එක්ව පෙරේදා (20) අළුයම සිදුකළ බැව් රත්ගම පොලිසිය පවසයි.

රත්ගම පොලිස් බල ප්‍රදේශය තුළ මෙම මෙහෙයුම සිදුකළ අතර පාතාල හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ හඳුනාගත් නිවාස 15ක් මෙහිදී පරීක්ෂා කළ බවද පොලිසිය පවසයි. අළුයම 5.00ට පමණ නිවාස වටලා මෙම මෙහෙයුම සිදුකරනු ලැබීය. මෙම මෙහෙයුමේ දී අධිකරණය මගින් වරෙන්තු නිකුත් කොට තිබූ ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයකුගේ මව අත්අඩංගුවට ගත් බැව් පොලිසිය පවසයි. මෙහෙයුමේදී නීති විරෝධී මත්පැන් හා මත්කුඩුද නිවාසවල තිබී පොලිසිය මගින් සොයාගෙන ඇත.

පොලිස් නිලධාරින් 50 දෙනෙකු හා යුද හමුදා භටයින් 20 දෙනෙකු මෙම මෙහෙයුමට එක්ව සිටි අතර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව මැදවත්ත, ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රෝෂාන් විජේසිංහ, ගාල්ල කොට්ඨාසභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සතිස් ගමගේ යන මහත්වරුන්ගේ උපදෙස් මත මෙම මෙහෙයුම සිදුකරනු ලැබීය.
ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි ගාල්ල

advertistmentadvertistment
advertistmentadvertistment