රත්තරන් පුතා මියගිය දවසෙත් මගේ අතින් කව්පි ඇට දහයක් පහළොවක් කෑවා – සිසුවාගේ පියා කියයි

5091

* මේකනං අපිට අදහගන්නත් බෑ…

‘මගේ රත්තරන් පුතා මිය ගිය දවසේ උදෙත් මගේ අතින්ම කවුපි ඇට දහයක් පහළොවක් කෑවා. ඒත් එදාම ? අපි කවුරුවත් හීනෙකින්වත් නොහිතපු විදිහට හැමෝම අතහැරලා සදහටම පුතා දෙනෙත් පියා ගත්තා. මේක නං අපිට අදහන්නත් බෑ’ යැයි කොළඹ ඉසිපතන විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටිය දී, කොරෝනා ආසාදනය වී මියගිය පාසල් සිසුවාගේ පියාවන ප‍්‍රියදර්ශන ඉඹුල්ගල මහතා පැවසීය.

මෙලෙස කොරෝනා ආසාදනය වීමෙන් මියගොස් ඇත්තේ කොළඹ 05, පයිප් රෝඞ්, අංක 199/26 හි පදිංචි, දෙනයන සස්මිත දිල්තුෂාන් ඉඹුල්ගල නමැති 18 හැවිරිදි, කොළඹ ඉසිපතන විද්‍යාලයේ වාණිජ අංශයෙන් උසස් පෙළ හදාරමින් සිටි පාසල් සිසුවෙකි.

ඉකුත් 10 වන දින මෙම සිසුවාට පෙන්නුම් කළ රෝග ලක්ෂණ කිහිපයක් හේතුවෙන් රැපිඞ් ඇන්ටිජන් පරීක්ෂාවක් සිදුකරන ලද අතර එම වාර්තාවලට අනුව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසුව ප‍්‍රතිකාර සඳහා 14 දා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කොට එහි ප‍්‍රතිකාර ලබමින් සිටියදී 15 දා මිය ගොස් තිබුණි.

පසුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘත දේහය කොළඹ ජාතික බෝවන රෝග විද්‍යායතනයට රැගෙන යන ලෙස කළුබෝවිල ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු පාරින්ද කොටුගොඩ මහතා පොලිසියට නියෝග කළේය.

ඒ අනුව කොළඹ ජාතික බෝවන රෝග විද්‍යායතනයට රැුගෙන ගිය, මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය, එහි විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී එස්. ඞී. චන්න පෙරේරා මහතා විසින් (17 දා) සිදු කරන ලදී.

තම වැඩිමහල් පුතුගේ අභාවය පිළිබඳ අදහස් පළ කළ පියා වන ප‍්‍රියදර්ශන ඉඹුල්ගල මහතා තවදුරටත් මෙසේද කීය.

මගේ පුතාට පසුගිය 6 වැනිදා උණ ගැනුණා. පසුව අපි 10 දා ඇන්ටිජන් පරීක්ෂාවක් කළා. එහිදී දැනගත්තා පුතාට කොරෝනා ආසාදනය වී ඇති බව. පසුව වෛද්‍ය උපදෙස් මත පුතා නිවසේ නිරෝධායනය වී සිටියා. මේ අතරෙදී 14 දා පුතාට බඬේ දැවිල්ලක් ආවා. අප මේ පිළිබඳව පවුලේ වෛද්‍යවරයාට දැනුම් දුන්නට පස්සේ රෝහලකට රැුගෙන යන ලෙස උපදෙස් දුන්නා. ඒ අනුව ප‍්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලට ඇතුළත් කරල සාත්තුවට මම ළඟ නැවතුනා. ඒ අතරෙදී තමයි පුතා මිය ගියේ.

රෝහල්ගත කළ දවසේ ලේ පරීක්ෂාවක් කළා. 15 දා උදේ වෙනකොට පුතාට එන්න එන්නම අමාරු වුණා. එයාට ඔක්සිජන් දෙන තත්ත්වයට පත් වුණා. ඒ වෙනකොට පුතාට දාඩිය දාලා. කකුල් සීතල වෙලා. ඊට පස්සෙ තමයි වෛද්‍යවරු කිව්වේ පුතාව දැඩිසත්කාර ඒකකයට දාන්න ඕන කියලා. ඒ අනුව 15 දා සවස 4.30 පමණ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කිරීමට රැුගෙන ගියා.

ඊට පස්සේ තමයි නර්ස් කෙනෙක්ගෙන් මට දැනගන්න ලැබුණෙ මගේ පුතාගේ ජීවිතේ බේරගන්න බැරිවුණා කියලා. මේ වගේ දෙයක් තවත් දරුවකුට වෙන්න එපා. තවත් අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට මේ වගේ දුකක් නම් හිමි වෙන්ට එපා පුතාගේ ජීවිතේ නැතිවීම මහා අපරාධයක්.

අන්තිම මොහොත වන විට පුතාගෙන් වචන පිට වුණේ නැහැ. අතින් තමයි සංඥා කළේ. මට දැන් හිතෙනවා මගේ පුතා අයි.ඞී.එච්. එකට යැව්වා නම් හොඳයි කියලා. එහෙම වුනානම් මගේ පුතාව තව එක දවසක් හරි ජීවත් කරගන්න තිබුණා කියලත් මට වෙලාවකට හිතෙනවා.

ඒ දරුවා අධ්‍යාපනය ලබපු ඉසිපතන විද්‍යාලයේ ඉහළ දස්කම් දැක්වූ කෙනෙක් පාසැලේ ඡුායාරූප අංශයේ ප‍්‍රධානියා ලෙසත් කටයුතු කළා. බෞද්ධ සංගමයේ ක‍්‍රියාකාරී සාමාජිකයෙක් ලෙසත් ලියෝ සිංහ සමාජයේ උප සභාපතිවරයා ලෙසත් කටයුතු කළා. පාසලේ විදුහල්පතිවරයා ඇතුළු ආචාර්ය මණ්ඩලයේත්, සහෝදර ශිෂ්‍යයන්ගේත් හිතදිනාගෙන හිටිය මගෙ දරුවා අවට හැම පාසලකම සිසුන් සමග සුහදව හිටියා. ඔහුගේ සමුගැනීම මටනම් හිතා ගන්න බෑ. අපි හැමෝටම හීනයක් වගේ යැයි පැවසීය.

ඉදිරිපත් වූ සාක්ෂි සහ පශ්චාත් මරණ පරීක්ෂණ වෛද්‍ය වාර්තාවට අනුව මියගිය සිසුවාගේ මරණය කොවිඞ් 19 ආසාදනය වී, පාදවල, රුධිර නාලවල, ලේ කැටිගැසී, පෙනහලූවල සිරවීම හේතුවෙන් වූ මරණයක් බවට කළුබෝවිල ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු පාරින්ද කොටුගොඩ මහතා (17 දා) නිගමනය කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් නාරාහේන්පිට පොලිසියේ පොලිස් සැරයන් (44999* රංජිත් නිලධාරීහු පරීක්ෂණ මෙහෙය වූහ.

පින්සිරි ආරියරත්න – රත්මලාන
 

advertistmentadvertistment
advertistmentadvertistment