රත්තරන් මිල නගී විදේශිකයෝත් ඩොලර් හලති  

553

ලෝක වෙළෙඳ පොළේ රත‍්‍රං මිලට සාපේක්‍ෂව මෙරට රත‍්‍රං මිලත් ශීඝ‍්‍ර ලෙස ඉහළ යමින් තිබෙන බව සමස්ත ලංකා ස්වර්ණාභරණ සංසදය සඳහන් කරයි.

මේ වනවිට කැරට් 24 රන් පවුමක මිල රුපියල් එක්ලක්‍ෂ තිස් එක්දහස් පන්සියයක් (131,500/-) ක් දක්වාත් කැරට් 22 රන් පවුමක් රුපියල් එක්ලක්‍ෂ දහනව දහස් අටසියයක් (119,800/-) දක්වාත් ඉහළ ගොස් ඇතැයි ද එම සංසදය ප‍්‍රකාශ කළේය.

රත‍්‍රං මිල මෙලෙස දිනෙන් දින ඉහළ යෑම නිසා වෙනදාට වඩා වෙළෙඳාම අඩු වී ඇති බවත් සඳහන් කළ එම සංසදය ප‍්‍රකාශ කළේ පෙරේදා දිනයේදී පමණක් රත‍්‍රං මිල හතර වරක් පමණ වැඩි වූ බවය. ඒ අනුව රුපියල් 5000ක් දිනකදී වැඩිවූ බවත් ඔහු සඳහන් කළේය. මෙලෙස රත‍්‍රං මිල ඉහළ යෑම හේතුවෙන් විදේශ රටවල සිට පැමිණෙන ශ‍්‍රී ලාංකිකයන් ඩොලර් වෙනුවට රත‍්‍රං රැුගෙන ඒමේ ප‍්‍රවණතාවක් ඇතැයි ිද පැවැසීය.

ඉදිරියටත් රත‍්‍රං මිල ඉහළ යෑමේ ප‍්‍රවණතාවක් ඇති බවත් මෙලෙස මිල ඉහළ යෑම පාරිභෝගිකයාට දැරිය නොහැකි බව ද රත‍්‍රං ව්‍යාපාරිකයන් වැඩිදුරටත් සඳහන් කළේය.
අනුර බාලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment