රත්තරන් මීටරේ දත්ත වැරදියි ඩෙන්සි මීටරය යොදාගන්න එපා

534

මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය

ස්වර්ණාභරණවල රන් කැරට් ප්‍රමිතිය පරීක්‍ෂා කිරීමට බැංකු හා උකස් මධ්‍යස්ථානවල යොදා ගැනෙන ‘ඩෙන්සි’ මීටරය නමැති උපකරණය මගින් රන් භාණ්ඩවල ප්‍රමිතිය පරීක්‍ෂා කිරීමේදී පාඨාංක දෝෂ සහිත බැවින් එම උපකරණය භාවිත කිරීමට නිර්දේශ නොකරන බව ජාතික මැණික් ස්වර්ණාභරණ අධිකාරිය ස්වර්ණාභරණ අලෙවි හල් හිමියන් වෙත දැනුම් දී තිබේ.

මේ අනුව ඩෙන්සි මීටරය උපකරණය භාවිතයෙන් ඉවත් කරලීමට කිරුම් මිනුම් දෙපාර්තමේන්තුව හා එක්ව කටයුතු කිරීමට ද එම අධිකාරිය කටයුතු කරන බව එහි වටිනා ලෝහ විශ්ලේෂණය කිරීමේ කාර්යාංශයේ සහකාර අධ්‍යක්‍ෂවරයා දැනුම් දී තිබේ.

ස්වර්ණාබරණ උකස් ගන්නා ආයතන මෙම ඩෙන්සි මීටරය භාවිත කර රත්තරන්වල කැරට් ප්‍රමිතිය පිළිබඳ වැරදි විස්තර ලබාදීම ස්වර්ණාභරණ ක්‍ෂේත්‍රයේ දියුණුවට ද අහිතකර බලපා ඇති බව ස්වර්ණාභරණ හල් හිමියෝ කිහිප දෙනෙක්ම ‘දිවයින’ට කීය.

මෙම ඩෙන්සි මීටරය මගින් ව්‍යාජ රන් භාණ්ඩ හඳුනා ගැනීමට හැකි නොවේ. ඒ බව ලෝක ස්වර්ණාභරණ කවුන්සිලය මගින්ද දන්වා තිබේ.

රන් භාණ්ඩ උකස් තැබීම්වල දී පාරිභෝගිකයන් මෙම මීටරය ඔස්සේ ලැබෙන දත්ත නිසා විශාල අසාධාරණයකට ලක්වන බවද හෙළිවී තිබේ.

කිරුම් මිනුම් උපකරණවල නිරවiතාව පරීක්‍ෂා කිරීමට ඇති කොළඹ 5, පාර්ක් පාරේ, අංක 101 හි පිහිටි කිරුම් මිනුම් දෙපාර්තමේන්තුවෙන් ද මෙම මීටරයෙන් ලැබෙන දත්තවල නිරවiතාව පිළිබඳ දැනගත හැකි බවද අධිකාරිය දැනුම් දී තිබේ.
හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment