රත්තරන් වලට වඩා වටින තරුණයෙක්

224


මොනරාගල නගරයේ වෙළෙඳසැලක් ඉදිරිපිට පදිකවේදිකාවේ වැටී තිබියදී තරුණයෙකුට හමුවූ රන්ආභරණ සහිත පාර්සලයක් ඔහු විසින් මොනරාගල පොලීසියට භාරදී ඇත.
පවුම් හතරහමාරක් බරැති රන්මාල දෙකක්, පෙන්ඩනයක් සහ මුද්දක් එම පාර්සලයේ තිබී ඇති අතර ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ හතහමාරක් පමණ වේ.

මොනරාගල නගරයේ පුද්ගලික මුල්‍ය ආයතනයක සේවයකරන මොනරාගල ගලබැද්ද පදිංචි කේ.එම් ලක්මාල් දයාරත්න මහතා විසින් තමන්ට හමුවූ එම රන්ආභරණ සහිත පාර්සලය හිමිකරු ලබාදෙන ලෙස ඉල්ලමින් මොනරාගල පොලීසියේ පොලිස් සැරයන් 43362 ඉස්මයිල් මහතාට ඊයේ සවස භාරදෙන ලදි.

advertistmentadvertistment
advertistmentadvertistment