රත්නප‍්‍රියට එරෙහි වාරණය දිගටම

146

මහජනතාවට දැඩි පීඩනයක් එල්ල කරමින් දියත් කළ වර්ජන ක‍්‍රියාමාර්ග අත්හිටුවමින් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයට සහ එහි සභාපති සමන් රත්නප‍්‍රියට එරෙහිව නිකුත්කර තිබූ වාරණ නියෝගය ලබන මස 11 දා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට කොළඹ ප‍්‍රධාන දිසා විනිසුරු අරුණ අලූත්ගේ මහතා ඊයේ (25 දා) නියෝග කළේය.

සෞඛ්‍ය වෘත්තීය සමිති 17 ක් විසින් ආරම්භ කර තිබූ එම වෘත්තීය ක‍්‍රියා මාර්ගවලට එරෙහිව රජය විසින් ඉදිරිපත් කරන ලද කරුණු දැක්වීම් සලකා බැලූ දිසා විනිසුරුවරයා පසුගිය 10 දා එම වාරණ නියෝගය නිකුත් කර තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment