රත්නපුරේ දියඇලි වලින් සියයට හතළිහක් හිඳිලා

327

රත්නපුර දිස්ත‍්‍රික්කයේ පිහිටි දියඇළි වල ජලය මේ වනවිට සියයට හතලිහකින් පමණ සිදී ගොස් ඇති බැව් රත්නපුර දිස්ත‍්‍රික් දියඇලි සංගමය පෙන්වා දෙයි.

රත්නපුර දිස්ත‍්‍රික්කය පුරා දියඇළි 116ක සංඛ්‍යාවක් පිහිටා තිබේ. මේ වනවිට බොහොමයක් දියඇළි ගමන් මගද වෙනස් වෙමින් පවතී. බොහෝ දියඇළි ආශ‍්‍රිතව සියයට 20ක ප‍්‍රමාණයකින් පුද්ගලයන් ප‍්‍රජා ජල ව්‍යාපෘති තුළින් පානීය ජලය සඳහා බට යොදාගනිමින් ජලය ලබාගැනීම නිසා හා ජල විදුලිය සඳහා ජලය ලබාගැනීම නිසාවෙන්ද ජලය අඩුවීමේ තත්ත්වයකට පත්ව තිබේ.

සීග‍්‍රයෙන් වන ගහනය අඩුවීම ඉදිරියේ දියඇළි සිදී ගොස් වර්ෂා කාලයට පමණක් දැකගත හැකි තත්ත්වයට පත්වනු ඇතැයි ද, රක්‍ෂිතවල සංරක්‍ෂණ සඳහා ක‍්‍රියාත්මක වැඩ පිළිවෙළක් සකස්කළ යුතු බැව් අවධාරණය කරන බැව් දියඇළි සංගමයේ සභාපති දියඇළි පර්යේෂක අසිත ඉන්දික වීරවර්ධන මහතා සඳහන් කර සිටියේය.

නිවිතිගල ධර්මසිරි ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment