රත්නපුර දිස්ත‍්‍රික්කයේ ඩිජිටල් පරතරය අවම කරමින් ‘ගමට සන්නිවේදනය’ වැඩසටහන යටතේ එයාර්ටෙල් තවත් 4G සන්නිවේදන කුලූනක වැඩකටයුතු අවසන් කරයි

111

ඩිජිටල් තාක්ෂණයෙන් සවිබල ගැන්වුනු ශ‍්‍රී ලංකාවක් නිර්මාණය කිරීම උදෙසා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවේ (TRCSL) ගමට සන්නිවේදනය වැඩසටහනට සහයෝගය දක්වමින් එයාර්ටෙල් ලංකා, රත්නපුර වෙලේකුඹුර ප‍්‍රදේශයේ තවත් 4G සන්නිවේදන කුළුණක් ඉදිකර අවසන් බව නිවේදනය කර සිටී.

අලූතින් ඉදිකරන ලද මෙම 4G කුළුණ මගින් ඕනෑම තැනක සිට සැබෑ ජංගම අත්දැකීමක් අත්විඳීමට, සුපිරි වේගය, ගෘහස්ථ ආවරණය හා latency ( දත්ත ලැබීම ආරම්භයට ගත වන කාලය අවම වීම) හැකියාව ආදිය ප‍්‍රථම වරට අත්දැකීමට ප‍්‍රදේශයේ ජනතාවට අවස්ථාව හිමි වනු ඇත. එයාර්ටෙල් හි අතිශයින් වැඩිදියුණු කළ ලෝක මට්මමේ 4G ජාල ආවරණය මනා ලෙස භාවිතා කරමින් එම ප‍්‍රදේශයේ ජීවත් වන 33,737 ක සමස්ත ජනතාවට ප‍්‍රශස්ත, ස්ථාවර 4G අත්දැකීමක් බවට මෙය පරිවර්තනය වනු ඇත.

ඉඹුල්පේ ප‍්‍රාදේශීය සභාවේ සභාපති ශ‍්‍රීලාල් සෙනරත්, ගමට සන්නිවේදනය අතිරේක දිස්ත‍්‍රික් ලේකම් උදයා කුමාරි, TRCSL අධ්‍යක්ෂ ජනරාල් ඕෂද සේනානායක සහ එයාර්ටෙල් ලංකා ප‍්‍රධාන විධායක නිලධාරී/කළමනාකාර අධ්‍යක්ෂ අශීෂ් චන්ද්‍රා යන මහත්ම මහත්මීන් ඡායාරූපයේ වෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment