රත්නපුර නගරයේ කොටසක් සහ පහත්බිම් රැසක් යටවෙයි

482

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසකට ගං වතුර තත්ත්වයක් ප්‍රකාශ කරයි
පස්කඳු කඩා වැටී මාර්ග අවහිර වෙයි

රත්නපුරයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව නිසා කළු ගගේ ජල මට්ටම වැඩිවීමෙන් රත්නපුර නගරයේ කොටසක් ජලයෙන් යටවී තිබේ. රත්නපුර පොලිසිය ඉදිරිපිට රත්නපුර කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ අඩි දෙකක් ජලයෙන් යටවී තිබේ.

01 වනදා පස්වරු පහ පමණ වනවිට කළු ගගේ ජල මට්ටම මීටර් අටයි දශම පහ තෙක් ඉහළ ගොස් තිබූ බව කළු ගගේ රත්නපුර ජල මාපකයට අනුව සටහන්ව ඇතැයි රත්නපුර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එය රත්නපුර නගරයට සුළු ගංවතුර තත්ත්වය ඉක්මවා යෑමකි. වේ ගඟේ ජල මට්ටම ද මීටර් හත ඉක්මවා ගොස් තිබීම ද කළු ගඟේ ජල මට්ටම වැඩිවීමට බලපානු ඇතැයි රත්නපුර වාරිමාර්ග කාර්යාලය පවසයි. රත්නපුර නගරයේ පැරණි පුද්ගලික බස් රථ ගාල තිබූ ස්ථානය රත්නපුර නාගරික ක්‍රීඩාපිටිය, රත්නපුර මුවගම මාර්ගය, රත්නපුර බටුගෙදර, දිමියාව දම්බුළුවන ප්‍රදේශවල පහත් බ්ම් රැසක් සහ අතුරු මාර්ග ගංවතුරෙන් යටවී තිබේ. රත්නපුර වේවැල්වත්ත මාර්ගයේ ස්ථාන කීපයකට පස් කඳු කඩාවැටීමෙන් අවහිරව ඇතැයි ද රත්නපුර ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය පවසයි. කළු ගං ද්‍රොණියේ පැල්මඩුල්ල, නිවිතිගල, රත්නපුර, ඇලපාත, කුරුවිට සහ අයගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට ගංවතුර තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇති බැවින් එම පහත්බිම් වල පදිංචිකරුවන් ආරක්ෂිත පියවර ගන්නා ලෙස රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය දැනුම් දීමක් කර තිබේ.

කහවත්ත සමරවීර නිරෝෂණ

advertistmentadvertistment
advertistmentadvertistment