රත්නපුර මහා සංඝරත්නය මන්නාරම පදවියේ සංහිඳියා සහජීවන සංචාරයක

84

රත්නපුර සර්වාගමික ගරුතර මහා සංඝරත්නය පසුගියදා මන්නාරම පදවියේ සංහිඳියා සහජීවන චාරිකාවක නිරත විය. රත්නපුර පදවියේ කරිටාස් රත්නපුර සෙත්මිණි සේවා ආයතනයේ අන්තර් ආගමික සහජීවන ව්‍යාපෘතිය යටතේ ආගමික නායකයන්ගේ හුවමාරු වැඩසටහන මගින් මෙම රත්නපුර සර්වාගමික මහා සංඝරත්නයේ මන්නාරම පදවි සංචාරය කෙරිණි. කරිටාස් රත්නපුර සෙත්මිණි සේවා අධ්‍යක්‍ෂ හා පදවි අනුනායක ඩේමියන් ප්‍රනාන්දු පියතුමාගේ මෙහෙය වීමෙන් ඇහැලියගොඩ බුළුගහදෙනිය පරිවේනාධිපති අධ්‍යාපන ආචාර්ය අතිපූජ්‍ය ධම්මපාල හිමි හා අතිපූජ්‍ය පලීගල නාරද හිමි ඇතුළු මහා සංඝරත්නය මෙම චාරිකාව සඳහා සහභාගි වූ අතර මන්නාරම රදගුරු අතිඋතුම් ලයනල් එම්මානුවෙල් ප්‍රනාන්දු හිමිපාණන් බැහැදැක එතුමන් සමග සුහද හමුවක හා සාකච්ඡාවක නිරත වීමෙන් අනතුරුව මහා සංඝරත්නය ප්‍රදේශවාසී ජනතාව සමග අදහස් හුවමාරු කර ගැනීමේ සුහද හමුවකට සහභාගි විය.

ජෝ. ඇ. සකරායස්

advertistmentadvertistment
advertistmentadvertistment