රත්නපුර රෝහල කොරෝනා රෝගීන්ගෙන් පිරීයයි

302

රත්නපුර ශික්ෂණ රෝහල කොරෝනා ආසාදිතයන්ගෙන් පිරියෑම නිසා එම රෝහලෙහි හදිසි ආපදා තත්ත්වයක් රෝහල් අධිකාරි වෙද්‍ය අනෝජ් රුද්‍රිගෝ මහතා පෙරේදා (03 දා) රාත‍්‍රි සිට ප‍්‍රකාශයට පත් කර ඇත.

මේ සම්බන්ධව කළ විමසීමකදී රෝහල් අධ්‍යක්ෂවරයා කිවේ කොරොනා ආසාදිතයන් සඳහා ප‍්‍රතිකාර කිරීම පුළුල් කර ඇති බවත් සෙසු වෛද්‍ය ප‍්‍රතිකාර අංශ කිහිපයක සීමාකිරීම් සිදු කර ඇති බවත්ය.

මේ වනවිට රත්නපුර ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ඇදන් හතරම කොවිඞ් රෝගීන්ගෙන් පිරී ඇති බවත් තවත් දැඩි සත්කාර ඇදන් කිපයක් ඉක්මනින් එක්කිරීමට කටයුතු කරන බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි.

රත්නපුර ශික්ෂණ රෝහලේ කොරෝනා ප‍්‍රතිකාර ඒකකයේ ධාරිතාව උපරිම මට්ටමේ පවතී. කහවත්ත මුලික රෝහලේ කොරෝනා ප‍්‍රතිකාර ඒකකයේ ඇඳන් 50 ක්ද රෝගීන්ගෙන් පිරි ඇතැයි වාර්තාවේ.

රත්නපුර දිස්ත‍්‍රික්කයේ සියලූම කොරෝනා ප‍්‍රතිකාර මධ්‍යස්ථානවල රෝගී ධාරිතාව උපරිමයට ළඟාවී තිබේ. පසුගිය දින කිහිපයේදී රත්නපුර නගරයේ ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු ද කොව්ඞ් 19 ආසාදිතවීමෙන් මරණයට පත් වී තිබේ. රත්නපුර ශික්ෂණ රෝහලේ වෙද්‍යවරුන් කිහිප දෙනෙකු ඇතුළු කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකුටද කොව්ඞ් ආසාදිතව ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.

කහවත්ත – සමරවීර නිරෝෂණ

advertistmentadvertistment
advertistmentadvertistment