රත්නා සුමනපාලගේ මුණුබුරා රිය අනතුරකින් මරුට

1407

කෝපිකඬේ ටෙලි නාට්‍යයේ අලි ජේමිස් හා හාමිනේ (රත්නා සුමනපාල) දෙපළගේ මුණුබුරා හංවැල්ල ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට හයිලෙවල් මාර්ගයේ සිදුවූ යතුරුපැදි අනතුරකින් මියගොස් ඇතැයි හංවැල්ල පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ රනාල ජල්තර නෙලූම් පෙදෙසේ පදිංචිව සිටි නවරත්න බණ්ඩාරලාගේ දුල්ෂාන් මනිෂ්ක සුමනපාල නමැති 24 හැවිරිදි තරුණයෙකි.

මියගිය අය යතුරුපැදියක් මිලදී ගැනීමට ගොස් ඒ සඳහා පැමිණි මිතුරා නිවසට ඇරලවා නැවත එමින් සිටියදී මාර්ගයේ රැුලි සහිත ස්ථානයකින් යතුරුපැදිය ලිස්සා ගොස් වට කීපයක් කැරකී පෙරළී යෑමෙන් මෙම අනතුර සිදුවී ඇතැයි පොලිසිය කියයි.

අනතුර සිදු වූ අවස්ථාවේ යතුරුපැදිකරුගේ ආරක්ෂිත හිස්වැසුම ගැලවී ඇති අතර හිස මාර්ගයේ තදින් වැදීම හේතුවෙන් බරපතළ තුවාල ලැබූ ඔහු පාදුක්ක දිසා රෝහලටත් එතැනින් ජාතික රෝහල වෙත රැුගෙන යමින් සිටියදී අසාධ්‍ය වීම නිසා හෝමාගම රෝහලට ඇතුළත් කර ප‍්‍රතිකාර ලබාදෙමින් සිටියදී මියගොස් තිබේ. හංවැල්ල පොලිසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

ඇන්ටන් ප‍්‍රනාන්දු

advertistmentadvertistment
advertistmentadvertistment