රත්‍රං ඊයේ ගණන් උස්සයි

146

රත්‍රං මිල ගණන් ඉකුත් සතියේ දිගින් දිගටම පහළ යමින් තිබුණද ඊයේ (13දා) යළිත් රන් මිලේ ඉහළ යෑමක් සිදුව ඇත.

මේ අනුව කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳ පොළේ ඉකුත් බ්‍රහස්පතින්දා වන විට රුපියල් 1,34,000 කට පැවති කැරට් 22 රන් පවුමක මිල රුපියල් 1,60,000 දක්වා ඉහළ ගොස් තිබිණි. කැරට් 24 රන්පවුමක මිල ඊයේ වන විට රුපියල් 1,73,000 දක්වා ඉහළ ගොස් තිබුණු අතර ඉකුත් බ්‍රහස්පතින්දා හෙට්ටිවීදිය රන් වෙළෙඳ පොළේ කැරට් 24 රන් පවුමක මිල 1,45,000 ක් විය.

රුපියලේ අගය ඉහළ යමින් රුපියල් 367 සීමාවේ පැවති ඩොලරයක මිල රුපියල් 307 දක්වා පහත වැටීමත් සමග රුපියල් 40000 කින් පමණ රන් මිල අසාමාන්‍ය ලෙස පහත වැටුණද එය තාවකාලික තත්ත්වයක් බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසයි.
සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment