රත්‍රං පොරවාගෙන උඩින් ඒම නිසා මාසිකව ඩොලර් මිලියන 30ක  විදේශ විනිමය අහිමි වෙලා

222

ගුවන් මගීන්ට සීමාවකින් තොරව ස්වර්ණාභරණ පැළැඳ පැමිණීමට ඇති නීතිය අවභාවිත කරමින් ජාවාරම්කරුවන් කරන දැවැන්ත මූල්‍ය වංචාව හේතුවෙන් මාසිකව අමෙරිකානු ඩොලර් මිලියන 30ක පමණ විදේශ විනිමය ප්‍රමාණයක් රටට අහිමි වන බව අනාවරණය වී ඇත.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පසුගියදා ශ්‍රී ලංකා රේගුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමඟ පැවති සාකච්ඡාවක දී මේ බව හෙළි වී ඇත. මේ ජාවාරම නිසා සිදුවන දැවැන්ත මූල්‍ය හානිය ගැන සාධාරණ පාලනයක් කිරීමට මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පසුගියදා තීරණය කළේය.

එම කරුණ මාධ්‍ය මඟින් ප්‍රචාරය වීමත් සමඟ මෙම ජාවාරමේ නියුතු දේශීය සහ විදේශීය පුද්ගලයන් බොහෝ සේ කලබලයට පත්ව ඇති බව මුදල් අමාත්‍යංශයට වාර්තා වී ඇති අතර මේ සම්බන්ධයෙන් ඔවුන් විසින් සිදු කරන ලද පටිගත වූ දුරකථන සංවාදයක් දූෂණ මැඬලීමේ අරමුණින් මාධ්‍ය වෙත නිකුත් කිරීමට මුදල් අමාත්‍යංශය පියවර ගෙන ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment