රතු කුරුස ප්‍රධානියා හෙට දිවයිනට

196

අන්තර්ජාතික රතු කුරුස සහ රතු අඩසඳ සම්මේලනයේ මහලේකම් ජගාන් චැපගන් මහතා හෙට (08) මෙරටට ළඟා වීමට නියමිතය.

ලොව විශාලතම මානුෂවාදී සංවිධානය වන අන්තර්ජාතික රතු කුරුස සහ රතු අඩ සඳ සම්මේලනය රටවල් 193ක් පුරා විහි දී තිබේ.

ශ්‍රී ලංකාව පසුගිය කාලයේ මුහුණ දුන් සෑම ව්‍යවසන අවස්ථාවක දී ම අන්තර්ජාතික රතු කුරුස සහ රතු අඩ සඳ සම්මේලනය මානුෂීය අධාර ලබා දීම විශේෂත්වයකි.

දෙදින සංචාරයකට එක්වන මහලේකම් ජගාන් චැපගන් මහතා හෙට දින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ රජයේ උසස් නිලධාරීන් ද හමුවීමට නියමිතව ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment