රතු තොල් මගේම වැඩක් – මුදිත අබේසිංහ

169

උම්මාදේ රැඟුම්

 පෑ…

 ඒ.. ශුංගාරී

 සංත‍්‍රාසේ.. හදේ.. පෑ..

 මේ.. ආදරේ


 ස්වර්ණවාහිනියේ හදරැුඳි පැයේ දී අපට ඇසෙන මුදිත අබේසිංහගේ

 අලූත්ම ගීතය පටන් ගන්නෙ ඒ විදියට. ‘රතු තොල්. ලෙස නම් කරලා තියන මේ ගීතයේ රූපරචනයට රංගනයෙන් දායක වෙන්නෙ නව පරපුරේ දක්ෂ රංගන ශිල්පියකු වන රන්දික ගුණතිලක සහ ටාෂි කාලිදාස.

 කැසට් යුගය” සී. ඞී. යුගය හා අද කාලයේ සමාජ මාධ්‍ය යුගය යන යුග තුනම නියෝජනය කරන මුදිත එක්ක අපි ටිකක් කතා කළා.

 මුදිත ක්ෂේත‍්‍රයට ආවේ කොහොමද ?

 ‘සඳවතිය ඔබයි‘ තමා මගේ පළමු කැසට්පටය. ඒත් ජාතික තලයට ආවෙ යමුනා මාලනී මහත්මිය පද රචනා කළ නවරත්න ගමගේ මහතා සංගීතවත් කළ ‘තටු කඩා වැටුණු සමනල පාලම. ගීතයෙන්.

 ඊට පස්සෙ?

 මට නවරත්න ගමගේ මහත්මයා එක්ක වැඩ කරන්න ලැබුණා. ඒ අනුව ඔහු සංගීත නිර්මාණය කළ ඉනෝකා සත්‍යාංගනීගේ ‘සුළං කිරිල්ලී. චිත‍්‍රපටයටත් සුදත් රෝහණයන්ගේ ‘සුදු කරුවල. චිත‍්‍රපටයත් ගායනයෙන් දායක වුණා. සිරස රූපවාහිනියේ විකාශය වූ ‘පියාඹන මූනිස්සම්‘ ටෙලිනාට්‍යයේ සංගීත අධ්‍යක්ෂවරයා හැටියට කටයුතු කළා. ඉදිරියේ දී විකාශය වීමට නියමිත ටෙලිනාට්‍ය දෙකක මේ වන විට වැඩ කරගෙන යනවා.

 ඔබේ මේ ගයන ‘රතු තොල්‘ ගීයට දායක වුණ අය කවුද?

 මේකේ පද රචනයත් සංගීතයත් මගෙමයි.

 ඒකට විශේෂ හේතුවක් තියනවද?

 මගේ හිතේ හැඟීම් එක්ක ලියවුණ පද මාලාව මම ම සංගීතවත් කරලා මම ම ගායනා කළොත් මට දෙන්න ඕන හැඟීම රසිකයන්ට හරියටම දෙන්න පුළුවන් කියලා හිතුණා. මට හිතෙනවා මං සාර්ථකයි කියලා. සමහර වෙලාවට වෙන කෙනෙක් සංගීතය සැපයුවානම් මට ඕනෙ හැඟීම ඒ ලෙසම දෙන්න බැරි වෙන්නත් තිබුණා. මම රසිකයන්ට ආරාධනා කරනවා මේ ගීයත් මගේ අනිත් ගීතත් රස විඳින්න කියලා. අන්තර්ජාලය ඔස්සේත් රසවිඳින්න පුළුවන්.

 අලූත් වැඩ මොනවද ?

 මගේ නවතම ගීත තුනක් කරගෙන යනවා. ඉතා ඉක්මනට ඒවා රසිකයන්ට තිළිණ කරනවා.

 අන්තර්ජාලය හරහා ගීත ප‍්‍රචාරය වීම ගැන මුදිත මොකද හිතන්නෙ?

 ඒක හොඳ චාන්ස් එකක්. ස්වතන්ත‍්‍ර නිර්මාණයක් තමන්ගේම රසික පිරිසකට ඉතාම ඉක්මනින් සමීප කරන්න මේ හරහා පුළුවන් වෙලා තියෙනවා. ඉස්සරට වඩා ගායකයන්ට ඉතා ඉක්මන්ට මේ නිසා රසිකයන්ට කිට්ටුවෙන්න පුළුවන්. නිර්මාණ ශිල්පීන් දැනගන්න ඕන අන්තර්ජාලය හරියට පාවිච්චි කරන්න.

 ගීත ක්‍ෂේත‍්‍රයේ ඔබේ ඉලක්කය මොකද්ද?

 සමාජයට හානිදායක නොවන වෙනස්ම ආකාරයේ නිර්මාණ ඉදිරිපත් කිරීම තමයි මගේ අරමුණ. ඒවා රසිකයෝ වැළඳගන්නවා. වෙනස් සහ ගුණාත්මක නිර්මාණවලට බොහෝ රසික පිරිසක් අදටත් අප අතර ඉන්නවා.

 ඒවගේම මගේ අලූත්ම ගීතය ”අල්තාරයේ ගීතිකාව අම්මා” ගීතය දැන් නිකුත්වෙලා තියෙනවා. ඒක රසවිඳින්න කියලත් මම මගේ රසිකයන්ගෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා.

 අනුරාධ හිරිපිටියගේ

advertistmentadvertistment
advertistmentadvertistment