රතු බිත්තර සුදු බිත්තර වලට වඩා ගුණද?

890

ප්‍රෝටීන් ඌණතාවයෙන් පෙළන අයට ඒ සඳහා ඉතා පහසුවෙන්ම ලබාදිය හැකි පෝෂ්‍යදායී ආහාරයක් ලෙස නිර්දේශ කරන්නේ බිත්තරය.

එහිදී කිකිලි බිත්තර ඉතා පහසුවෙන් ලබාගත හැකි නිසා එම බිත්තරයක් ආහාරවේලට එක්කර ගන්නා ලෙස මන්ද පෝෂණය ප්‍රෝටීන් ඌණතාවය වැනි පෝෂණ ඌණතාවලින් පෙළෙන දරුවන්ට, ගැබිනි මව්වරුන්ට වෛද්‍යවරු උපදෙස් දෙති.

බිත්තරවල බහුලව ඇත්තේ ප්‍රෝටීන්ය. එමගින් ශරීරයේ වර්ධනය ඇති කරයි. එනිසා බිත්තර ශරීර වර්ධක ආහාරයක් ලෙස සලකයි.

බිත්තර වෙනුවට ආදේශක ආහාරයක් ලෙස මස්, මාළු, රනිල වර්ගයේ ආහාර වන කඩල, කවුපි, මුං ඇට, සෝයා බෝංචි දඹල ආදිය ගත හැකිය.

සත්වමය ප්‍රෝටීන්වල ශරීරයට අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල බහුලව ඇත. ශාක්‍යමය ප්‍රෝටීන්වල අත්‍යවශ්‍ය නොවන ඇමයිනෝ අම්ල බහුලය. බිත්තරවල පැහැය අනුව එහි පෝෂණ ගුණය වෙනස් නොවේ. එනිසා කටුව රතු පැහැති බිත්තර ගුණයෙන් වැඩි බවත් කටුව සුදු පැහැති බිත්තර ගුණයෙන් අඩු බවත් ඇතැම් දෙනා පවසති. ඒ අනුව බිත්තරවල මිලද වෙනස් කරති. එසේම ගම් බිත්තර ෆාම් බිත්තර ලෙස වර්ග කරමින් ගම් බිත්තරවල පෝෂ්‍යගුණය වැඩියැයි පවසමින් එහි මිල අනෙක් බිත්තරවලට වඩා වැඩි මිලකට අලෙවි කරති. ගම් බිත්තරවල සහ ෆාම් බිත්තරවල වෙනස ඇත්තේ බිත්තරයේ වර්ණය කහමදයේ තද පැහැති බව සහ රසය පමණි. පෝෂණයෙහි අගය එක සමානය.

එනිසා කිකිලි බිත්තරක් ආහාරයට ගැනීමේදී සැලකිලිමත් විය යුත්තේ එහි පැහැය හෝ වර්ගය ගැන නොව ඒවා ආහාරයට ගැනීමට නුසුදුසු මට්ටමේ පවතිනවාද පළුදුවී ඇතිද කියා පමණි. සිරුරට අවශ්‍ය ප්‍රෝටීන් ප්‍රමාණය ලබා ගැනීමට දිනකට එක් කිකිලි බිත්තරයක් ආහාරයට ගැනීම ප්‍රමාණවත්ය.

වෛද්‍යවරයා අතිරේක සංස්කරණය – උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment